රොෂාන් රණසිංහට ඇමති ධුරය අහිමි වෙයි (නිවේදනය)

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සිය අමාත්‍ය ධුරයෙන් ඉවත් කර තිබෙනවා.

අද පස්වරුවේ දී මෙම ඉවත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසිනුයි සිදු කර ඇත්තේ.

රොෂාන් රණසිංහ මහතා මෙම ඉවත් කිරීමට පෙර වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළා.

මෙම ඉවත් කිරීමට අදාළ ලිපිය ජනාධිපතිවරයා විසින් මීට ටික වේලාවකට පෙර රොෂාන් රණසිංහ වෙත යොමු කර ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Image 2023 11 27 at 16.09.42