තේ අස්වැන්න ඉහළ නංවන අලුත් ක්‍රමයක්

මෙරට තේ වගාවෙන් ලැබෙන අස්වැන්න ඉහළ නැංවීම සඳහා අධි ඝනත්ව වගා ක්‍රමය හා නව තාක්ෂණය තේ වගා ක්‍රමය තුළත් ප්‍රචලිත කිරීමට කටයුතු කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කුඩා තේවතු සංවර්ධන අධිකාරියට හා තේ සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබෙනවා.

අමාත්‍යවරයා වැලිපැන්න පේරගස්වත්ත අධි ඝනත්ව තේ වගාව නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක් වෙමිනුයි මෙම උපදෙස් ලබාදී ඇත්තේ.

කුඩා තේවතු සංවර්ධන අධිකාරියේ මාර්ගෝපදේශකත්වය හා මුල්‍ය ප්‍රතිපාදන යටතේ අධිඝනත්ව වගා ක්‍රමය මෙන්ම විසිරි ජල බින්දු තාක්ෂණය යොදා ගනිමින් වගා කර ඇති අක්කර 7 හමාරකින් සමන්විත මෙම වගාව අතිසාර්ථක අස්වැන්නක් ලබා දී තිබෙනවා.

සාමාන්‍ය තේ වගා ක්‍රමය අනුව අක්කරයක තේ පැළ 6500ක් රෝපණය කළ ද මෙම අධිඝනත්ව වගා ක්‍රමය යටතේ තේ පැළ 13000ක් රෝපණය කළ හැකියි. එමෙන්ම සාම්ප්‍රධායික ක්‍රමය අනුව අක්කරයකින් එක්වර නෙළාගත හැක්කේ තේ දළු කිලෝ 300ක් වුවද, මෙම ක්‍රමය යටතේ තේ දළු කිලෝ ග්‍රෑම් 1500ක ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට හැකියාව පවතිනවා.

එමෙන්ම තේ දළු නෙලීම සඳහා නව තාක්ෂණික උපකරණ ද පහසුවෙන් යොදා ගැනීමට හැකි වන නිසා මිනිස් ශ්‍රමය වැඩිපුර අවශ්‍ය වන්නේ ද නැහැ.

එමනිසා ආදායම පස් ගුණයකින් පමණ ඉහළ නංවා ගැනීමට වගා කරුවන්ට හැකි අතර අවම ජල ප්‍රමාණයක් හා අවම පොහොර ප්‍රමාණයක් මගින් මෙම අධිඝනත්ව තේ වගාව සිදු කළ හැකි වීම ද විශේෂත්වයක්.

කුඩා තේවතු සංවර්ධන අධිකාරිය හා තේ සංවර්ධන මණ්ඩලය විසින් දැනට මෙවැනි ආදර්ශ තේ වගා ව්‍යාපෘති 52ක් ක්‍රියාත්මක කර තිබෙනවා.

එමෙන්ම එම වගාකරුවන්ට අක්කරයක‌ට රුපියල් ලක්ෂ 10ක් බැගින් මුල්‍යාධාර ලබා දී ඇති අතර එම මුදල් නැවත අය කර ගැනීමකින් තොරව ලබා දීමද විශේෂත්වයක්.

අවම ඉඩම් ප්‍රමාණයකින් වැඩිම අස්වැන්නක් ලබා ගත හැකි අතර ගුණාත්මක භාවයෙන් ඉහළ තේ අස්වැන්නක් ද මෙමගින් ලබා ගැනීමට හැකියි. එමනිසා මෙම අධිඝනත්ව තේ වගා ක්‍රමය අනෙකුත් වගාකරුවන්ටත් හඳුන්වා දීම සඳහා ඔවුන් දිරි ගන්වන ලෙසත්, 2024 දී මෙම කටයුතු පුළුල් කිරීමට පියවර ගන්නා ලෙසත් අමාත්‍යවරයා සභාපතිවරුන්ට උපදෙස් දී තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළ පරිදි 2024 වර්ෂය තුළ නව තාක්ෂණය කෘෂි හා වැවිලි ක්ෂේත්‍රයට එක් කිරීම තම අරමුණ බව කී අමාත්‍යවරයා වගාබිම්වලින් උපරිම අස්වැන්නක් ලබා ගැනීමට කටයුතු කිරීමට සියලු නිලධාරින් කැප වී කටයුතු කළ යුතු බවයි සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23
Video thumbnail
ගුවන් හමුදා කඳවුරේ නිලධාරීන්ව බියට පත් කළ අලියා
00:55
Video thumbnail
හෂීෂ් මත්ද්‍රව්‍ය සමඟ 18 හැවිරිදි තරුණියක් ගුවන්තොටේ දී කොටුවෙයි
01:27
Video thumbnail
හිතපු නැති විදිහට ඩෙංගු පැතිරෙනවා - පාලනය කරගන්න බැරුව ඉන්නේ
10:57
Video thumbnail
දයාසිරි උදෙන්ම කථානයාක එක්ක ගේම ඉල්ලයි
00:59
Video thumbnail
ඩ්‍රයිවර්ට එකපාරටම ෆිට්ස් හැදිලා ලංගම බස් රථය මුහුණ දුන් බිහිසුණු අනතුර
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.24
00:00