මහ වැස්සෙන් අස්වැනු නන්නත්තාරයි – ගොවීන්ගෙන් මැසිවිලි (ඡායාරූප)

ජලාශ පිටාර ගැලීම සහ වැසි ජලය බැස නොයාම නිසා වගා බිම් රැසක් හානියට පත්ව ඇති නමුත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට කිසිදු වගකිව යුතු නිලධාරියෙකු මෙතෙක් පැමිණ නොමැති බව ගොවීන් චෝදනා කරනවා.

පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත, ආරච්චිකට්ටුව, කල්පිටිය, මුන්දලම, පුත්තලම ඇතුළු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක වගා බිම් මේ වන විටත් ජලයෙන් යටවී ඇති බවක් දක්නට ලැබෙනවා.

ජලාශ පිටාර ගැලීම සහ වැසි ජලය බැස නොයාම මෙම තත්ත්වයට හේතුව වී ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

වී,ගොටුකොළ, මුකුණුවැන්න වැනි වගාවන් මෙන් ම ගොඩ බෝග ලෙස සැලකෙන පේර සහ ගස් ලබු වගා බිම් රැසක් ම ජලය බැස නොයාම නිසා හානියට පත්ව ඇති බවක් දක්නට ලැබෙනවා.

ජලය එකතු වී ඇති බිම්වල වගා කර තිබූ ගොටුකොළ ඇතුළු පලා වර්ග කඩිනමින් නෙලා අඩු මුදලකට අලෙවි කිරීමට ද ගොවීන් පෙළඹී ඇති බවයි වාර්තා වන්නේ.

නමුත් එම පලා වර්ගවල මුල් කුණුවීමේ අවදානමක් ඇති බවට ගොවීන් පෙන්වාදෙනවා.

මාස 02 ක පමණ කාලයක් තිස්සේ පවතින වැසි හේතුවෙන් පේර වගාවන් අතර කිසියම් දිලීර රෝගයක් පැතිර යන ආකාරයක් ද දක්නට ලැබෙන බවයි වාර්තා වන්නේ.

ප්‍රමාණවත් තරම් හිරු එළිය නොලැබීම මෙම තත්ත්වයට හේතුව බවත් ගොවීන් කියා සිටිනවා.

මේ අතර ජලය බැස නොයාම නිසා ගස් ලබු වගා බිම් රැසක් විනාශ වෙමින් පවතින බවක් ද දක්නට ලැබෙනවා.

මාස 02කට වැඩි කාලයක් තිස්සේ පවතින වැසි හේතුවෙන් සිදු වී ඇති විනාශය පිළිබඳ ව මෙතෙක් කිසිදු නිලධාරියෙකු පැමිණ සොයා බැලීමක් නොකළ බවට ගොවීන් චෝදනා කරනවා.

සංවර්ධන නිලධාරීන් 74,000 ක් මේ රට තුළ සිටියත් ඒ කිසිදු අයෙකු ගොවීන් සම්බන්ධයෙන් සොයා බැලීමක් නොකරන බවයි ඔවුන් පවසන්නේ.

පුත්තලම නියෝජ්‍ය කෘෂිකර්ම අධ්‍යක්ෂිකා තරංගිකා ශ්‍යාමලීගෙන් අප මේ සම්බන්ධයෙන් විමසූ විට කියා සිටියේ වගා හානි සම්බන්ධයෙන් තවමත් තොරතුරු එකතු කරමින් සිටින බවයි.

01 scaled
02 scaled
03 scaled
04 scaled
05 scaled
07 scaled
08 scaled
09 scaled


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56