සිංගප්පූරුව සහ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අතර හමුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ සිංගප්පූරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රිස්වානා බෙගම් අතර හමුවක් පැවැත්වුණා.

ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී යි.

මීට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ ආසියානු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සිංගප්පූරුවේ නියෝජිත පිරිසක් එක්වුණා.

මෙම හමුවට සිංගප්පූරුවේ නීතිඥවරියක වන විමලා චන්ද්‍රරාජන්, ශ්‍රී ලංකාවේ කාන්තා ජාතික ප්‍රතිපත්තිය කෙටුම්පත් කළ ස්වේච්ඡා තාක්ෂණික විශේෂඥ වෛද්‍ය රමණි ජයසුන්දර සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ (NDI) නියෝජිතයින් පිරිසක් ද එක් ව සිටියා.

ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ අනෙකුත් රටවල මන්ත්‍රීවරියන් සමග සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් පැවති මෙම හමුවේ දී සිංගප්පූරුවේ කාන්තාවන් සවිබල ගැන්වීම සහ කාන්තාවන්ට එරෙහි
ප්‍රචණ්ඩත්වය ආමන්ත්‍රණය කිරීම සහ වැළැක්වීම ඉලක්ක කරගත් මුල පිරීම්, වැඩසටහන් සහ ප්‍රතිපත්ති සාකච්ඡා කෙරුණු බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කළේ.

මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය බෙගම් මහත්මිය පෙන්වා දුන්නේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා දැඩි දඬුවම්, පුද්ගල ආරක්ෂණ නියෝග, කඩිනම් නියෝග, ගෘහස්ථ බැහැර කිරීම් නියෝග සහ උපදේශන නියෝග ඇතුළු නීතිවල වෙනස්කම් අවශ්‍ය බවයි.

එමෙන්ම පවුල් ප්‍රචණ්ඩත්වය වැළැක්වීම පිළිබඳ ව ඇය අවධාරණය කළේ රාජ්‍ය අංශයේ පමණක් නොව පෞද්ගලික අංශයේ ක්‍රියාමාර්ග ද කඩිනමින් අවශ්‍ය බවයි.

SLWPC 1
SLWPC 2
SLWPC 3
SLWPC 4
SLWPC 5
SLWPC 6
SLWPC 7
SLWPC 8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චමින්ද විජේසිරි මේ ආණ්ඩුවට ලොකු වදයක් වෙලා - සිල්ලර දේවල් අල්ලගන්න එපා
07:52
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.23
01:19:59
Video thumbnail
චමින්දගේ නඩු තීන්දුව ගැන ජනාධිපති කොහොමද දැනගෙන සිටියේ..?
07:48
Video thumbnail
මුජිබුර් හඳුන්නෙත්තිට කට උත්තර නැතිවෙන්නම දෙයි
08:48
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
01:55
Video thumbnail
අජිත් නැගිටලා හතර වටේටම දෙසයි - මේ පෙන්නන්නේ කැරට් අලයක්..ජනපති වාර්තා තියලා තියෙනවා
10:16
Video thumbnail
නොන්ඩි ගාගෙන උසාවියට ආපු හරක්කටා
01:20
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක්
00:50
Video thumbnail
කපුටු කාක්කව ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරනවා - බේරෙන්න බෑ
11:41
Video thumbnail
සලේගේ මවගෙන් පාප් වහන්සේට ලියුමක් - අපේ මුළු පවුලම කතෝලික..හරිම කණගාටුයි
01:52