Empty Ad
AFC Banner
Empty Ad

සිංගප්පූරුව සහ මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අතර හමුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ සිංගප්පූරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රිස්වානා බෙගම් අතර හමුවක් පැවැත්වුණා.

ඒ පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී යි.

මීට ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපතිනි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ ආසියානු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සිංගප්පූරුවේ නියෝජිත පිරිසක් එක්වුණා.

මෙම හමුවට සිංගප්පූරුවේ නීතිඥවරියක වන විමලා චන්ද්‍රරාජන්, ශ්‍රී ලංකාවේ කාන්තා ජාතික ප්‍රතිපත්තිය කෙටුම්පත් කළ ස්වේච්ඡා තාක්ෂණික විශේෂඥ වෛද්‍ය රමණි ජයසුන්දර සහ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයේ (NDI) නියෝජිතයින් පිරිසක් ද එක් ව සිටියා.

ශ්‍රී ලංකා මන්ත්‍රීවරියන්ගේ සංසදය සහ අනෙකුත් රටවල මන්ත්‍රීවරියන් සමග සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් පැවති මෙම හමුවේ දී සිංගප්පූරුවේ කාන්තාවන් සවිබල ගැන්වීම සහ කාන්තාවන්ට එරෙහි
ප්‍රචණ්ඩත්වය ආමන්ත්‍රණය කිරීම සහ වැළැක්වීම ඉලක්ක කරගත් මුල පිරීම්, වැඩසටහන් සහ ප්‍රතිපත්ති සාකච්ඡා කෙරුණු බවයි පාර්ලිමේන්තු සන්නිවේදන අංශය නිවේදනය කළේ.

මෙහිදී අදහස් දැක්වූ මහාචාර්ය බෙගම් මහත්මිය පෙන්වා දුන්නේ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීම සඳහා දැඩි දඬුවම්, පුද්ගල ආරක්ෂණ නියෝග, කඩිනම් නියෝග, ගෘහස්ථ බැහැර කිරීම් නියෝග සහ උපදේශන නියෝග ඇතුළු නීතිවල වෙනස්කම් අවශ්‍ය බවයි.

එමෙන්ම පවුල් ප්‍රචණ්ඩත්වය වැළැක්වීම පිළිබඳ ව ඇය අවධාරණය කළේ රාජ්‍ය අංශයේ පමණක් නොව පෞද්ගලික අංශයේ ක්‍රියාමාර්ග ද කඩිනමින් අවශ්‍ය බවයි.

SLWPC 1
SLWPC 2
SLWPC 3
SLWPC 4
SLWPC 5
SLWPC 6
SLWPC 7
SLWPC 8
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබේ හර්ෂ හම්බවෙන්න දොස්තරලා පාර්ලිමේන්තුව ඇතුළටම යයි
10:00
Video thumbnail
ඡන්ද දුන්නු අයට දුකත් හිතෙයි - සොරි ඩොට් කොම්
16:23
Video thumbnail
මම පෙන්නන්නම් මම කවුද කියලා - අසේල නරක වචනවලින් ආණ්ඩුවට අමතයි
10:57
Video thumbnail
විනාඩි 28යි - සිංදුවෙන් ආණ්ඩුව හාන්සි කරවපු රෝහිත
28:21
Video thumbnail
සජබය - මාලිමාව සැපට ඇවිලෙයි කැතයි නේද - අනේ වාඩි වෙන්න ඔයා
07:40
Video thumbnail
රට පුරා උද්ඝෝෂණ නවත්තන්න ඕනිනම් මේක කරන්න
02:58
Video thumbnail
විමල්ට ලෙඩක් වැටෙයි - හදිසියේ මාධ්‍ය හමුවක් කැඳවයි
23:10
Video thumbnail
ඇසිල්ලෙන් මිසිං වෙන රිලව් - අල්ලන්න හදන බුද්ධිමත් ආණ්ඩුව
04:37
Video thumbnail
නාමල් බූරු කුට්ටමේ ජෝකර් වගේ ඇට පිටින් ගංජා ගහපු එකා වගේ කියවනවා
10:23
Video thumbnail
PRAHARAYA | ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ සහභාගීවන ප්‍රහාරය සජීවීව
01:26:25

?