හිටපු යුද හමුදාපති එල්. පී. බලගල්ල අභාවප්‍රාප්ත වෙයි

හිටපු යුධ හමුදාපතිවරයෙකු වන විශ්‍රාමික එල්.පී බලගල්ල මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

විශ්‍රාමික ජෙනරාල් L.P බලගල්ල මහතා ශ්‍රී ලංකාවේ 16 වන යුද හමුදාපතිවරයා ලෙසටයි කටයුතු කරනු ලැබුවේ.

කෙටි කලක් රෝගාතුරව සිටි ඔහු නාරාහේන්පිට කොළඹ යුද හමුදා රෝහලේදී අද උදෑසන අභාවප්‍රාප්ත වූ බවයි යුද හමුදාව කියාසිටියේ.

ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ ජෙනරාල් එල්.පී බලගල්ල 2000 – 2004 අතර කාලය තුළ 16 වැනි යුද හමුදාපතිවරයා ලෙසට කටයුතු කරනු ලැබුවා.

ඔහුගේ අවසන් කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දීමට නියමිතයි.

හිටපු යුද හමුදාපතිවරයාගේ දේහය මේ වන විට කඩුවෙල කොතලාවල සමනල පාරේ අංක 21/12 දරන ස්ථානයේ තැන්පත් කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
4
+1
2
+1
1
+1
11
+1
3
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?