සංචාරකයින්ගේ පැමිණීමේ වාර්තාව අලුත් වෙයි – ඉතිහාසයේ වැඩිම සංචාරක පැමිණීම මේ වසරේ

වසරක් තුළ මෙරටට පැමිණි වැඩිම විදේශීය සංචාරකයින් ප්‍රමාණයේ වාර්තාව අද (29) අලුත් වුණා.

ඒ, අද (29) පෙරවරුවේ මෙම වසරේ පැමිණි 2,333,797 වන සංචාරකයා කටුනායක ගුවන් තොටුපොළෙන් මෙරටට පැමිණීමත් සමඟයි.

ඒ අනුව මෙරට ඉතිහාසයේ වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණි වර්ෂය ලෙස 2025 වර්ෂය ඉතිහාසයට එක් වුණා.

සංචාරකයින් 2,333,796ක් පැමිණ තිබූ 2018 වර්ෂය, මීට පෙර වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් දිවයිනට පැමිණි වසර ලෙසයි වාර්තා වී තිබුණේ.

ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් UL 162 ගුවන් යානයෙන් ඉන්දියාවේ තිරුවනන්තපුරම් හි සිට අද (29) පෙරවරුවේ පැමිණි, පවුලක් වන, ෆීලික්ස් ඛෙස්ලින් පෙරේරා, රීනා ප්‍රනාන්ඩුස් සහ ඈන් ක්‍රිස්ටිනා පෙරේරා මෙලෙස 2025 වර්ෂයේ සංකේතාත්මක 2,333,797 වන අමුත්තන් ලෙස පිළිගැනීමට කටයුතු කර තිබුණා.

මෙම පිළිගැනීමේ අවස්ථාවට සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොස් සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුළු තලවකැලේම ජනතාව භීතියට පත්කළ බස් නැවතුමේ බිහිසුණු සිදුවීම - ටවුන් එකේ ඉන්න බෑ
02:14
Video thumbnail
මහා දරුණු දේශපාලන කල්ලි අපි පලවා හැරියේ - අපිට ලැබුණේ අඩිය නැති ආර්ථිකයක් තිබුණ රටක්
10:53
Video thumbnail
මහින්ද මහත්තයා දකුණේ කියද්දි ගැම්මක් තිබුණා - නීතිය සැමට උඩින් කිව්වා..අද කෝ ආයෝජකයෝ ?
10:02
Video thumbnail
අධිබලැති විදුලි රැහැන් කණුවක නැගලා මනුස්සයෙක් දාපු සෙල්ලම - "පාන්දර ඉදලා ඉන්නේ..කෑගැහුවා"
02:02
Video thumbnail
දියවඩන නිලමේගෙන් පෙරහර ගැන විශේෂ ප්‍රකාශයක්..ඉතා විනයගරුකව පෙරහර නරඹන්න
02:08
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27