ස්වයං පිටුවහල් ජීවිතය අවසන් – නවාස් ෂරීෆ් අද මව්බිමට

වසර හතරක ස්වයං පිටුවහල් ජීවිතය අවසන් කරමින් පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් අද (21) සිය මව්බිමට පැමිණීමට නියමිතව තිබෙනවා.

කුලී පදනම මත වෙන්කරගත් ගුවන් යානයකින් ඔහු අද දිනයේ ඩුබායි සිට ඉස්ලාමාබාද් වෙත පැමිණීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හමුදාව කුමන්ත්‍රණයකින් බලයෙන් පහකෙරුණු හිටපු අගමැති නවාස් ෂරීෆ් රක්ෂිත බන්ධනාගාර ගතව ඇප ලබා ගැනීමෙන් පසුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලන්ඩනය බලා පිටත්ව ගියා.

කෙසේ වෙතත් හිටපු අගමැතිවරයා නැවත පිළිගැනීමට පාකිස්ථානය සූදානම්ව සිටින බවයි විදෙස් මධ්‍ය වාර්තා කළේ.

2022 දී පාර්ලිමේන්තු විශ්වාසභංගයකින් ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා බලයෙන් නෙරපා හැරීමෙන් පසු, නවාස් ෂරීෆ් සිය දේශපාලන කටයුතු වේගවත් කළ අතර, ඔහුගේ සොහොයුරා වන ෂෙහ්බාස් ෂරීෆ් මේ වනවිට පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් පාලනය ගෙන යනවා.

නවාස් ෂරීෆ් අද ඩුබායි සිට ඉස්ලාමාබාද් වෙත පැමිණීමෙන් පසුව මහජන රැළියක් සඳහා ඔහුගේ උපන් නගරය වන ලාහෝර් වෙත යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මේ වගේ ගො# මොළ හින්දා තමයි රට ආපස්සට යන්නේ..කාදිනල් හිමිලනේ බෝ#බ උඩ දාගෙන ගියේ
03:47
Video thumbnail
වංචාවේ අගමුල හොයන්න ඕනි නම් විගණකාධිපති වාර්තාව නීතිපතිවරයට යොමු කරන්න
04:26
Video thumbnail
රාජිත හිනාවෙවී ආණ්ඩුව කිව්ව කියමන..වහලා තියෙන ලාල්කාන්තගේ ගෙදරට STF එකත් දාලනේ
02:45
Video thumbnail
කොහොමද ඉන්දීය උප ජනාධිපතිට දුන්න දැඩි ආරක්ෂාව
01:09
Video thumbnail
කොහොමද දිවයිනට ආ ඉන්දීය උප ජනාධිපතිට දුන්න දැඩි ආරක්ෂාව
01:33
Video thumbnail
ඉතිහාසයේ වෙච්ච වැරදි කියන එක සාධාරණ නෑ - මේක ලංකාවේ වෙච්ච විශාලම හොරකම..
04:30
Video thumbnail
මගීන්ගෙන් වැඩිපුර සල්ලි ගත්ත බස්වලට වැඩ වැරදුණු හැටි
01:24
Video thumbnail
මගීන්ගෙන් වැඩිපුර සල්ලි ගත්ත බස්වලට වැඩ වැරදුණු හැටි.."කොන්දොස්තර වැඩිපුර ගත්ත සල්ලි දෙන්න"
07:27
Video thumbnail
"අම්මෝ මගේ පුතා..වැඳලා කතා කරලා ආවේ"පුතා කරගත්තු විනාශය දැක්ක අම්මා හඬා වැටෙයි
01:36
Video thumbnail
ඇඳගල නබඩ වැව තුළ තිබී ජීව අත්බෝම්බයක් දිය නෑමට පැමිණි පුද්ගලයෙකුට හමුවෙයි
00:57