spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ස්වයං පිටුවහල් ජීවිතය අවසන් – නවාස් ෂරීෆ් අද මව්බිමට

වසර හතරක ස්වයං පිටුවහල් ජීවිතය අවසන් කරමින් පකිස්ථානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් අද (21) සිය මව්බිමට පැමිණීමට නියමිතව තිබෙනවා.

කුලී පදනම මත වෙන්කරගත් ගුවන් යානයකින් ඔහු අද දිනයේ ඩුබායි සිට ඉස්ලාමාබාද් වෙත පැමිණීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

හමුදාව කුමන්ත්‍රණයකින් බලයෙන් පහකෙරුණු හිටපු අගමැති නවාස් ෂරීෆ් රක්ෂිත බන්ධනාගාර ගතව ඇප ලබා ගැනීමෙන් පසුව වෛද්‍ය ප්‍රතිකාර සඳහා ලන්ඩනය බලා පිටත්ව ගියා.

කෙසේ වෙතත් හිටපු අගමැතිවරයා නැවත පිළිගැනීමට පාකිස්ථානය සූදානම්ව සිටින බවයි විදෙස් මධ්‍ය වාර්තා කළේ.

2022 දී පාර්ලිමේන්තු විශ්වාසභංගයකින් ඉම්රාන් ඛාන් අග්‍රාමාත්‍යවරයා බලයෙන් නෙරපා හැරීමෙන් පසු, නවාස් ෂරීෆ් සිය දේශපාලන කටයුතු වේගවත් කළ අතර, ඔහුගේ සොහොයුරා වන ෂෙහ්බාස් ෂරීෆ් මේ වනවිට පාකිස්තානයේ අග්‍රාමාත්‍යවරයා වශයෙන් පාලනය ගෙන යනවා.

නවාස් ෂරීෆ් අද ඩුබායි සිට ඉස්ලාමාබාද් වෙත පැමිණීමෙන් පසුව මහජන රැළියක් සඳහා ඔහුගේ උපන් නගරය වන ලාහෝර් වෙත යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?