රට තුළ ප්‍රබෝධජනක අධ්‍යාපන රටාවක් ස්ථාපිත කිරීමට සුසිල්ගෙන් තීරණයක්

මෙරට පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ නව ප්‍රවණතා ඇති කරලමින්, ප්‍රබෝධජනක අධ්‍යාපන රටාවක් නිර්මාණය කිරීමට ‘ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය’ භාවිතා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ, ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරින් ප්‍රබෝධජනක අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව මෙරට දරු පරපුරට උරුම කර දීම සඳහා STEAM නමැති ක්‍රමවේදය භාවිතා කිරීමට සැලසුම් සකස් කර ඇති බවයි.

පාසල් පන්ති කාමරයෙන් හා උපකාරක පන්තියෙන් ඔබ්බට සිසුන් රැගෙන ගොස් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරෙන් ප්‍රබෝධජනක අධ්‍යාපනයක් ලැබීමේ නූතන යුගයේ අධ්‍යාපනික අවශ්‍යතාව සැපරීම කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය සිසුන් අතර ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනකට ජාතික අධ්‍යාපන ආයතනයේ දී එක්වෙමින්.

විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු දැනුම හා ගණිතය යන ප්‍රධාන විෂය ධාරා යටතේ ‘ස්ටෙම්’ (STEM) අධ්‍යාපනය නමින් ලොව මුලින් ඇරඹි මේ නව අධ්‍යාපන ක්‍රමවේදය ක්‍රමික ව සෞන්දර්යාත්මක විෂය ද බද්ධ කර ‘ස්ටීම්’ (STEAM) නමින් සංවර්ධනය කොට භාවිතයට ගත් ලොව දියුණු රටවල් ඒ හරහා සිය දළ ජාතික ආදායම ඉතා ඉහළ ප්‍රතිශතයක් කෙටි කලක් තුළ උපයා ගැනීමට ද සමත්කම් දක්වා ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියා.

නව ප්‍රවණතා හා යාවත්කාලීන වීමට දැක්වූ ප්‍රමාදය නිසා දශක ගණනාවකින් මෙරට අධ්‍යාපනය සේ ම ආර්ථිකය ඇතුළු සමස්ත රට ම පසුගාමී වී ඇති බවයි සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයාගේ අදහස වන්නේ.

එබැවින් මේ වනවිටත් අදාළ අධ්‍යාපනික සංශෝධන ඇති කරලීම සඳහා අමාත්‍යාංශයෙන් සිදු කළ යුතු තීන්දු තීරණ ගැනීම් සිදු කෙරෙමින් පවතින බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.

503A5306 scaled
503A5157 scaled
  1. MONA LABBA KARANNATH KALIN DARUWO PASAL ENNE NATHTHE EYI KIYALA EKATA PILIYAM KARAPAN. GURUWARU PANTHI KAMARETA ENNE NATHTHE EYI KIYALA HOYALA EKATA PILIYAM KARAPAN, DRUGS PASAL WALATA ENNE KOHOMADHA KIYALA HOYALA EKATA WEDA PILIWELAK HADAPAN, DADUWANTA KANNA BONNA DENNA WEDA PILIWELAK HADAPAN. DARUWANTA PASALATA ENNA HITHENA AWITH INNA HITHENA THANAK KARAPAN. THOPI APITA ME RATA DALA YANNA HITHENA THANATA WEDA KALA NISA EKA NAM KARANNA BERIWA ATHI.