රට තුළ ප්‍රබෝධජනක අධ්‍යාපන රටාවක් ස්ථාපිත කිරීමට සුසිල්ගෙන් තීරණයක්

මෙරට පාසල් අධ්‍යාපන පද්ධතිය තුළ නව ප්‍රවණතා ඇති කරලමින්, ප්‍රබෝධජනක අධ්‍යාපන රටාවක් නිර්මාණය කිරීමට ‘ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය’ භාවිතා කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් පවසනවා.

අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේ, ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරින් ප්‍රබෝධජනක අධ්‍යාපනයක් ලැබීමේ අවස්ථාව මෙරට දරු පරපුරට උරුම කර දීම සඳහා STEAM නමැති ක්‍රමවේදය භාවිතා කිරීමට සැලසුම් සකස් කර ඇති බවයි.

පාසල් පන්ති කාමරයෙන් හා උපකාරක පන්තියෙන් ඔබ්බට සිසුන් රැගෙන ගොස් ප්‍රායෝගික ක්‍රියාකාරකම් ඇසුරෙන් ප්‍රබෝධජනක අධ්‍යාපනයක් ලැබීමේ නූතන යුගයේ අධ්‍යාපනික අවශ්‍යතාව සැපරීම කළ යුතු බවයි අධ්‍යාපන අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ස්ටීම් අධ්‍යාපන ක්‍රමවේදය සිසුන් අතර ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනකට ජාතික අධ්‍යාපන ආයතනයේ දී එක්වෙමින්.

විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු දැනුම හා ගණිතය යන ප්‍රධාන විෂය ධාරා යටතේ ‘ස්ටෙම්’ (STEM) අධ්‍යාපනය නමින් ලොව මුලින් ඇරඹි මේ නව අධ්‍යාපන ක්‍රමවේදය ක්‍රමික ව සෞන්දර්යාත්මක විෂය ද බද්ධ කර ‘ස්ටීම්’ (STEAM) නමින් සංවර්ධනය කොට භාවිතයට ගත් ලොව දියුණු රටවල් ඒ හරහා සිය දළ ජාතික ආදායම ඉතා ඉහළ ප්‍රතිශතයක් කෙටි කලක් තුළ උපයා ගැනීමට ද සමත්කම් දක්වා ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියා.

නව ප්‍රවණතා හා යාවත්කාලීන වීමට දැක්වූ ප්‍රමාදය නිසා දශක ගණනාවකින් මෙරට අධ්‍යාපනය සේ ම ආර්ථිකය ඇතුළු සමස්ත රට ම පසුගාමී වී ඇති බවයි සුසිල් ප්‍රේම්ජයන්ත් අමාත්‍යවරයාගේ අදහස වන්නේ.

එබැවින් මේ වනවිටත් අදාළ අධ්‍යාපනික සංශෝධන ඇති කරලීම සඳහා අමාත්‍යාංශයෙන් සිදු කළ යුතු තීන්දු තීරණ ගැනීම් සිදු කෙරෙමින් පවතින බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියා.

503A5306 scaled
503A5157 scaled
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?