සත්කාරකයින්ව එක් ලකුණකින් ලෝක කුසලාන රග්බි පිටියෙන් එළියට ඇද දමයි

සත්කාරකයින් ලෝක කුසලාන රග්බි තරගාවලියෙන් ඉවතට ඇද දමමින් අවසන් පූර්ව වටය පිවිසීමට ස්ප්‍රින්ග්බොක්ස් හෙවත් ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඒ, මෙවර තරගාවලියේ පෙරළිකාර කණ්ඩායමවන ප්‍රංශය එක් ලකුණකින් පරාජයට පත් කරමින්.

ශාන්ත-ඩෙනිස් ක්‍රීඩාංගනයේ දී පැවති මෙම තරගයේ අවසන් ලකුණු සටහන දැක්වුනේ ලකුණු 28-29ක් ලෙසටයි.

මේ අතර අර්ධ අවසන් පූර්ව තරගයක දී ලකුණු 30ට 24ක් ලෙස ෆීජි කණ්ඩායම පරාජයට පත් කළ එංගලන්තය ද තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගත්තා.

දකුණු අප්‍රිකාව සහ එංගලන්තය ලැබූ මෙම ජයග්‍රහණත් සමඟ 2023 ලෝක කුසලාන රග්බි තරගාවලියෙන් අවසන් පූර්ව වටයේ තරග වදින කණ්ඩායම් හතරම තේරී පත්ව අවසන්.

ඒ, අනුව නවසීලන්තය, ආර්ජන්ටිනාව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට සිදුසුකම් ලබා තිබෙනවා.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය නවසීලන්තය සහ ආර්ජන්ටිනාව අතර පැවැත්වෙන අතර දෙවන තරගය පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12