spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

සත්කාරකයින්ව එක් ලකුණකින් ලෝක කුසලාන රග්බි පිටියෙන් එළියට ඇද දමයි

සත්කාරකයින් ලෝක කුසලාන රග්බි තරගාවලියෙන් ඉවතට ඇද දමමින් අවසන් පූර්ව වටය පිවිසීමට ස්ප්‍රින්ග්බොක්ස් හෙවත් ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායමට හැකියාව ලැබුණා.

ඒ, මෙවර තරගාවලියේ පෙරළිකාර කණ්ඩායමවන ප්‍රංශය එක් ලකුණකින් පරාජයට පත් කරමින්.

ශාන්ත-ඩෙනිස් ක්‍රීඩාංගනයේ දී පැවති මෙම තරගයේ අවසන් ලකුණු සටහන දැක්වුනේ ලකුණු 28-29ක් ලෙසටයි.

මේ අතර අර්ධ අවසන් පූර්ව තරගයක දී ලකුණු 30ට 24ක් ලෙස ෆීජි කණ්ඩායම පරාජයට පත් කළ එංගලන්තය ද තරගාවලියේ අවසන් පූර්ව වටයේ සිය ස්ථානය වෙන්කර ගත්තා.

දකුණු අප්‍රිකාව සහ එංගලන්තය ලැබූ මෙම ජයග්‍රහණත් සමඟ 2023 ලෝක කුසලාන රග්බි තරගාවලියෙන් අවසන් පූර්ව වටයේ තරග වදින කණ්ඩායම් හතරම තේරී පත්ව අවසන්.

ඒ, අනුව නවසීලන්තය, ආර්ජන්ටිනාව, එංගලන්තය සහ දකුණු අප්‍රිකාව මෙවර තරගාවලියේ අවසන් පූර්ව වටයට සිදුසුකම් ලබා තිබෙනවා.

තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය නවසීලන්තය සහ ආර්ජන්ටිනාව අතර පැවැත්වෙන අතර දෙවන තරගය පැවැත්වෙන්නේ දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
3
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?