ගුවන් ප්‍රහාර එල්ල කළහොත් ප්‍රාණ ඇපකරුවන් මරා දමනවා – හමාස් සංවිධානයෙන් අනතුරු ඇඟවීමක්

ගාසා තීරයේ වැසියන් ඉලක්ක කරගනිමින් ඊශ්‍රායල හමුදාව පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව ගුවන් ප්‍රහාර එල්ල කළහොත් තමන් සන්තකයේ සිටින ප්‍රාණ ඇපකරුවන් මරා දමන බවට හමාස් සංවිධානය අනතුරු අඟවා තිබෙනවා.

මේ අතර පසුගිය දින තුන තුළ යුද ගැටුම් හේතුවෙන් ඊශ්‍රායලයේ මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 800 ඉක්මවන බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාර හේතුවෙන් මියගිය සංඛ්‍යාව 687 දක්වා ඉහළ ගොස් ඇති බව පලස්තීන බලධාරීන් පවසන්නේ.

මේ අතර හමාස් සංවිධානය විසින් අත්පත් කරගත් ගාසා තීරය ආසන්නයේ දකුණු ප්‍රදේශය යළි සිය පාලනයට නතු කර ගැනීමට සමත් වූ බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කළා.

ඊශ්‍රායල ආරක්ෂක අංශ ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ ඊයේ රාත්‍රියේ ප්‍රහාරක ජෙට් යානා, හෙලිකොප්ටර් යානා සහ කාලතුවක්කු ගාසා තීරයේ හමාස් සහ ඉස්ලාමීය ජිහාඩ් ත්‍රස්තවාදී ඉලක්ක 500කට අධික සංඛ්‍යාවකට පහර දුන් බවයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ගාසා තීරයේ සිවිල් වැසියන්ට අනතුරු අඟවා ඇත්තේ සියලුම හමාස් අඩවිවලින් ඉවත් වන ලෙසයි.

මේ අතර ඊශ්‍රායල සිදුකරනු ලබන හමුදා මෙහෙයුම් “ජාත්‍යන්තර මානුෂීය නීතියට දැඩි ලෙස අනුකූලව සිදු කළ යුතු” බවට. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41