වගා හානි ගැන අලුත් අනාවරණයක්

නියඟය, අධික වර්ෂාව හා සේනා දළඹු හානිය වැනි හේතුන් මත මෙම මස 12 වන දින වන විට සිදු කරන ලද වගා හානි තක්සේරු කිරීම් අනුව අක්කර 65,871.32ක් වගා හානි සිදුව තිබෙනවා. එමගින් බලපෑමට ලක් වූ ගොවින් ප්‍රමාණය 67,122ක්.

පසුගිය 12 දිනට මෙරටින් වාර්තා වී ඇති වගාහානි පිළිබඳ වාර්තාව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය විසින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට බාර දී තිබෙනවා.

එහි දැක්වෙන්නේ වී වගාවේ අක්කර 65,411.17ක් හා අනෙකුත් බෝග ආශ්‍රිතව අක්කර 460.15ක් ද හානියට ලක්ව ඇති බවයි.

මෙමගින් වී වගා කළ ගොවීන් 66,718ක් සහ අනෙකුත් බෝග වගා කළ ගොවීන් 404 දෙනෙක්ද බලපෑමට ලක්ව තිබෙනවා.

වැඩිම වගා හානි ප්‍රමාණය වාර්තා වන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙන්. එහි අක්කර 26,813.67ක් වගා හානි සිදුව ඇති අතර පීඩාවට පත්වූ ගොවීන් ප්‍රමාණය 32,245ක්.

දෙවන ස්ථානයට වැඩිම වගාහානි ප්‍රමාණය උඩවළව කලාපයෙන් වාර්තා වනවා. එහි අක්කර 14,810.13ක් වගා හානි වාර්තා වන අතර බලපෑමට ලක්වු ගොවින් ප්‍රමාණය 11,651ක්.

තුන්වන ස්ථානයට වැඩිම වගාහානි ප්‍රමාණය දැන් වාර්තා වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්. ඒ අනුව අක්කර 5235ක් වගා හානි සිදුව ඇති අතර ගොවීන් ප්‍රමාණය 4339ක් වනවා.

මාතලේ අක්කර 1496 (ගොවීන් 2555ක්), පුත්තලම අක්කර 2244ක් ( ගොවීන් 1636ක්), පොලොන්නරුව අක්කර 1543ක් ( ගොවීන් 599), හා මොනරාගල අක්කර 1125ක් ( ගොවීන් 1095ක්) වශයෙන් වාර්තා වී තිබෙනවා.

කෘෂිකාර්මික හා ගොවි ජන රක්ෂණ මණ්ඩලය විසින් අවසන් වගාහානි තක්සේරු වාර්තාව ලබා දුන් වහාම එම වාර්තාව අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේ.

එමෙන්ම වගාහානි සඳහා වන්දි ගෙවිය යුතු බවට අමාත්‍ය මණ්ඩලය දැනුම්වත් කිරීම සඳහා වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව මේ වනවිටත් තමන් විසින් අමාත්‍ය මණ්ඩල කාර්යාලයට ඉදිරිපත් කර තිබෙන බවත්, එය ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීමක දී සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36
Video thumbnail
ත්‍රීවීල් එකක් මතට ගසක් වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් එළොව යයි.."එළියට ගන්න බෑ..හි#රවෙලා"
02:16
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03
Video thumbnail
අළුවූ වැඩිහිටි නිවස බලන්න මහරෑම ආරක්ෂක ලේකම් එයි - ඇවිත් මාධ්‍යයට කියපු දේ
02:13
Video thumbnail
හද කම්පා කරමින් දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
01:38
Video thumbnail
කඩා දැමු වෙසක් කූඩු ගැන අරුන් සියල්ල හෙළිකරයි - රෑ දෙන්නෙක් මූණු වහගෙන ඇතුළට ඇවිත් වෙසක් කූඩු කඩලා
05:25