Empty Ad
Empty Ad
 Empty Ad

වරායේ අක්‍රමිකතා රැසක් හෙළිවෙයි

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පරිපාලන දුර්වලතා සහ අක්‍රමිකතා රැසක් කෝප් කමිටුවේදී හෙළි වී තිබෙනවා.

වරාය අධිකාරියේ ආදායම් ඉහළ නැංවීම සම්බන්ධයෙන්, පිරිවැය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් මාස 3ක් ඇතුළත යෝජනාවලියක් කෝප් කමිටුවට ලබාදීමටයි නිර්දේශ වී ඇත්තේ.

ඒකාබද්ද අරමුදලට බැර කළ යුතු මුදල් 2016 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා නොගෙවීම පිළිබඳව ද ,මෙහිදී අවධානය යොමුවූ අතර නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ධාරිතාව උපරිම කිරීමට විශාල ප්‍රමාණයේ දොඹකර 12ක් සහ ස්වයංක්‍රීය ගැන්ට්‍රි දොඹකර 40ක් මිලදීගැනීමට කොන්ත්‍රාත්කරු සමග එළඹි ඩොලර් මිලියන 282.56ක ගිවිසුම සංශෝධනය නොකිරීම සම්බන්ධයෙන් ද අවධානය යොමු වුණා.

කොළඹ වරායේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් බහාලුම් හැසිරවීමේ ධාරිතාවය 2001 වර්ෂයේ සිට 2022 වන විට 81% සිය 28% දක්වා අඩු වීම සම්බන්ධයෙන් ද අවධානය යොමු කෙරුණා.

2018 වසරේ සිට 2022 දක්වා කොළඹ, ගාල්ල සහ ත්‍රිකුණාමලය යන වරායන් වෙත නාවික යාත්‍රා පැමිණීම අඩු වීම පිළිබඳ සාකච්ඡා වී තිබෙනවා.

ගාල්ල වරායේ බහු කාර්ය පර්යන්තයක් ඉදිකිරීමට සැලසුම් කර ඒ සඳහා යුනෙස්කෝ සංවිධානයේ අනුමතිය ලබා ගැනීම වසර 3ක් ප්‍රමාද වීම නිසා එම ව්‍යාපෘතිය අත්හිටුවීමට සිදු වීම සම්බන්ධයෙන් ද කෝප් කමිටුවේ අවධානය යොමු වුණා.

වරාය අධිකාරියේ අතිරික්ත සේවක සංඛ්‍යාව 914ක් සිටියදී ඇතැම් සේවකයින්ට අතිකාල දීමනාද ලබාදීම සම්බන්ධයෙන් අවධානය යොමු වූ අතර අධිකාරියේ සියලු ගේට්ටු සහ බන්ධිත ගුදම් ආවරණය වන ආකාරයෙන් CCTV කැමරා සවි කිරීමේ කටයුතු සිදු නොකිරීම පිළිබඳව ද විමසා බැලුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාරගේ සභාපතීත්වයෙන් රැස්වූ පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවටශ්‍රී ලංකා වරාය අධිකාරිය කැඳවා තිබුණා.

මෙහිදී 2021 වර්ෂය සදහා විගණකාධිපති වාර්තාව හා වර්තමාන කාර්යසාධනය පිළිබද පරීක්ෂා කිරීම සිදුවූ අතර වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති කීත් බර්නාඩ් ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට කැඳවා තිබුණා. එසේම 2022 ජුනි 22 දින ශ්‍රී ලංකා වරාය අධිකාරිය කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදී ලබාදී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳවද මෙහිදී විමසා බැලීම සිදු වී තිබෙනවා.

මෙහිදී පහත සදහන් කරුණු පිළිබද අවධානය යොමුවුණා.

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් මාස 3ක් ඇතුළත විශේෂ යෝජනාවලි 3ක් කෝප් කමිටුවට ලබාදීමට නිර්දේශ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ආදායම් ඉහළ නැංවීම සම්බන්ධයෙන්, පිරිවැය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සහ කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් යෝජනාවලි 3ක් කෝප් කමිටුවට ලබාදෙන ලෙස කමිටු සභාපත් ගරු මහාචාර්ය රංජිත් බණ්ඩා මහතා නිර්දේශ කළේය. මෙහිදී එළඹෙන දෙසැම්බර් මස 08 වැනි දින වරාය අධිකාරිය කෝප් කමිටුවට කැඳවන බවත් ඉන් පෙර මෙම වාර්තා 3 කෝප් කමිටුවට ලබා දිය යුතු බවත් සභාපතිවරයා මෙහිදී නිර්දේශ කළේය. මේ අනුව එම යෝජනාවලි 3 ලබාදීමට අවශ්‍ය පියවර ගැනීමට පැමිණි නිලධාරීන් එකඟ විය.

ඒකාබද්ද අරමුදලට බැර කළ යුතු මුදල් 2016 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා නොගෙවීම

මෙහිදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පසිගිය වර්ෂ කිහිපයක මූල්‍ය ප්‍රතිඵල පිළිබඳ සාකච්ඡා කිරීම සිදු වූ අතර එහිදී 2016 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා ශ්‍රී ලංකා වරාය අධිකාරිය උපයාගෙන තිබූ ලාබයෙන් ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතු රුපියල් මිලියන 4.975 ක් නොගෙවීම පිළිබඳ කෝප් කමිටුව පැමිණ සිටි නිලධාරීන්ගෙන් විමසා සිටියේය. මෙහිදී පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේ මාස දෙකක් ඇතුළත මෙම මුදල ගෙවීමට කටයුතු කරන බවයි.

නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ධාරිතාව උපරිම කිරීමට විශාල ප්‍රමාණයේ දොඹකර 12 ක් සහ ස්වයංක්‍රීය ගැන්ට්‍රි දොඹකර 40 මිලදීගැනීමට එළඹි ගිවිසුම

නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ධාරිතාව උපරිම කිරීමට විශාල ප්‍රමාණයේ දොඹකර 12 ක් සහ ස්වයංක්‍රීය ගැන්ට්‍රි දොඹකර 40 මිලදීගැනීමට කොන්ත්‍රාත්කරු සමග එළඹි ඇ.ඩො. මිලියන 282.56 ක ගිවිසුම සංශෝධනය නොකිරීම සම්බන්ධයෙන් කෝප් කමිටුව පැමිණි නිලධාරීන්ගෙන් විමසීම මෙහිදී සිදි විය. පැමිණ සිටි මන්ත්‍රීවරුන් පෙන්වා දුන්නේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2022 ජූනි 22 කෝප් කමිටුවට කැඳවූ අවස්ථාවේදීද මේ පිළිබඳව සාකච්ඡා කළ බවත්ය. මෙහිදී පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේ 2021 වර්ෂයේ මේ පිළිබඳ ගිවිසුම්වලට එළඹුන බවත් ලංකා බැංකුවෙන් ණය වර (LC) නිකුත් කළද රටේ පැවති තත්ත්වය නිසා මෙම ගෙවීම් සිදු කිරීමට නොහැකි වූ බවයි. මෙහිදී කෝප් කමිටු සභාපතිවරයා සඳහන් කළේ මෙම ගිවිසුම සංශෝධනය නොකිරීම නිසා ඉදිරියේදී නීතිමය ගැටලු මතු විය හැකි බවයි. එසේම මේ සඳහා මෙහෙයුම් පිරිවැයක්ද වැයවී ඇති බවයි. මේ නිසා මේ පිළිබඳ මාසයක් ඇතුළත වාර්තාවක් ලබාදීමට කෝප් කමිටුව නිර්දේශ කරන ලදි.

කොළඹ වරායේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් බහාලුම් හැසිරවීමේ ධාරිතාවය 2001 වර්ෂයේ සිට 2022 වන විට 81% සිය 28% දක්වා අඩු වීම

කොළඹ වරායේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මගින් බහාලුම් හැසිරවීමේ ධාරිතාවය 2001 වර්ෂයේ සිට 2022 වන විට 81% සිය 28% දක්වා අඩු වී ඇති බව විගණකාධිපති වාර්තා අනුව නිරීක්ෂණය වන බව මෙහිදී කෝප් කමිටුව පෙන්වා දන්නේය. එසේම බටහිර පර්යන්තය පෞද්ගලික ආයෝජකයන්ගේ ක්‍රියාකාරීත්වයෙන් ආදායම වැඩිකරගැනීමට කටයුතු කොට ඇති බවත් පැමිණ සිටි සාමාජික මන්ත්‍රීවරු පෙන්වා දන්හ. මේ නිසා පෞද්ගලික අංශය සමග තරඟකාරීව කයුතු කිරීමේ හැකියාවද ඇති කරගත යුතු බව කෝප් කමිටුව පෙන්වා දෙන ලදි. එසේම ඉදිරි වසර 5 වෙනුවෙන් සංයුත සැලැස්ම සකස් කිරීම පිළිබඳවද මෙහිදී කමිටුව විමසන ලදි. මේ අනුව නිලධාරීන් පෙන්වා දුන්නේ මේ වන විට ඉදිරි වසර 5 වෙනුවෙන් සකස් කරන සංයුත සැලැස්මේන් 50% පමණ අවසන් බවයි. මෙහිදී නැවත මෙම අධිකාරිය කෝප් කමිටුවට කැඳවන විට මෙම සැලැස්ම කමිටුවට ඉදිරිපත් කරීමටද නිලධාරීන් එකඟ විය.

2018 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා කොළඹ, ගාල්ල සහ ත්‍රිකුණාමලය යන වරායන් වෙත නාවික යාත්‍රා පැමිණීම අඩු වීම පිළිබඳ අවධානය

2018 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා කොළඹ, ගාල්ල සහ ත්‍රිකුණාමලය යන වරායන් වෙත නාවික යාත්‍රා පැමිණීම අඩු වීම පිළිබඳවද මෙහිදී කෝප් කමිටුවේ අවධානය යොමු විය. මෙහිදී 2020 වර්ෂයේ සිට කන්කසන්තුරේ වරායට එක් නැවක් හෝ නොපැමිණීම පිළිබඳවද කෝප් කමිටුව ප්‍රශ්න කළේය. මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ 2022 වර්ෂයේදී අඩුවක් පැවති බවත් මේ වන විට එය යහපත් තත්ත්වයට පත්වෙමින් පවතින බවත්ය. විශේෂයෙන්ම මෙහිදී නිලධාරීන් සඳහන් කළේ කොළඔ වරාය හැර අනෙකුත් වරායන් සිමෙන්ති වැනි අමුද්‍රව්‍ය ගෙන්වීම සඳහා යොදාගත් බවත් පසුගිය කාලසීමාව තුළ මෙම අමුද්‍රව්‍ය ගෙන්වීම අවම වීමත් මේ සඳහා හේතුවක් වූ බවත්ය. මේ අනුව පළාත් මට්ටමෙන් පවතින වරායන් තවත් සක්‍රීය කිරීම පිළිබඳ අවධානය යොමු කරන ලෙස කෝප් කමිටුව උපදෙස් ලබාදුන්නේය.

ගාල්ල වරායේ බහු කාර්ය පර්යන්තයක් ඉදිකිරීමට සැලසුම් කොට එම ව්‍යාපෘතිය අත්හිටුවීම

ගාල්ල වරායේ බහු කාර්ය පර්යන්තයක් ඉදිකිරීමට සැලසුම් කොට ඒ සඳහා යුනෙස්කෝ සංවිධානයේ අනුමතිය ලබා ගැනීම වසර 3ක් ප්‍රමාද වීම නිසා එම ව්‍යාපෘතිය අත්හිටුවීමට සිදු වීම සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය. විශේෂයෙන් 2006 මාර්ති 28 දින ශ්‍රී ලංකා රජය හා අන්තර්ජාතික සහයෝගිතාවය සඳහා වූ ජපාන බැංකුව විසින් මේ සම්බන්ධයෙන් ණය ගිවිසුම් අත්සන් කොට තිබූ අතර ලෝක උරුමයක් ලෙස නම්කොට තිබූ ගාලු කොටුව ආශ්‍රීතව ඉදිකිරීම් සිදු කිරීමට යුනෙස්කෝ සංවිධානයේ අනුමතිය ලබාගැනීමට අවශ්‍යව තිබී ඇති අතර වසර 3ක් යනතෙක්ම මෙම අනුමතිය ලබා නොගැනීම නිසා මෙම ව්‍යාපෘතිය අත්හිටුවීමට තීරණය කොට ඇත. නමුත් මේ වෙනුවෙන් වැය කළ රුපියල් මිලියන 418 ක් වූ උපදේශක ගාස්තුව නිශ්කාර්ය වියදමක් ලෙස නිරීක්ෂණය වන බවත් කමිටුව පෙන්වා දන්නේය. මෙහිදී නිලධාරීන් පෙන්වා දුන්නේ හම්බන්තොට වරාය සංවර්ධනය සම්බන්ධයෙන් ප්‍රමුඛතාවය ලබාදීම නිසා ගාල්ල වරාය පිළිබඳ ප්‍රමුඛතාවය අවම වූ බවයි. නමුත් ඉදිරියේදී සංචාරක වරායක් ලෙස ගාල්ල වරාය දියුණු කිරීමට බලාපොරොත්තු වන නිසා මෙම මුදල් නිෂ්කාර්ය වියදම් නොවන බවත් නිලධාරීන් සඳහන් කළේය. එසේම ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම කටයුත්ත වෙනුවෙන් සම්බන්ධතාවක් නොදක්වා ඇති බවද නිලධාරීන් සඳහන් කළේය.

වරාය අධිකාරියේ අතිරික්ත සේවක සංඛ්‍යාව 914 ක් සිටියදී ඇතැම් සේවකයින්ට අතිකාල දීමනාද ලබාදීම සම්බන්ධයෙන් අවධානය

වරාය අධිකාරියේ අතිරික්ත සේවක සංඛ්‍යාව 914 ක් සිටින බවත් එසේ සිටියදීත් සේවකයින්ට අතිකාල දීමනා ලබා දී ඇති බවත් මෙහිදී අනාවරණය විය. මෙහිදී 2021 වර්ෂයේත් මෙලෙස අතිකාල දීමනා වශයෙන් මුදල් ලබා දී ඇති බව නිරීක්ෂණය වන බවද කෝප් කමිටුව පෙන්වා දනුනේය. මේ අනුව මෙම අතිරික්ස සේවක සංඛාව සම්බන්ධයෙන් අවධානය යොමුකොට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස කළමනාකරණ දෙපාර්තමේන්තුවටද කෝප් කමිටුව විසින් උපදෙස් ලබා දුන්නේය. මේ අනුව මාස 3 කට පසු මෙම අධිකාරිය නැවත කඳවන විට මෙම සේවක සංඛ්‍යාව සම්බන්ධ ගැටලුව විසඳාගැනීමට කටයුතු කරන ලෙස කමිටුව උපදෙස් ලබා දුන්නේය.

අධිකාරියේ සියලු ගේට්ටු සහ බන්ධිත ගුදම් ආවරණය වන ආකාරයෙන් CCTV සවි කිරීමේ කටයුතු සිදු නොකිරීම

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සියලු ගේට්ටු සහ බන්ධිත ගුදම් ආවරණය වන ආකාරයෙන් CCTV කැමරා සවි කිරීමේ කටයුතු සිදු නොකිරීම පිළිබඳ විමසා බැලීමද මෙහිදී සිදු විය. මෙහිදී අවශ්‍ය ස්ථාන සඳහා ක්‍රම ක්‍රමයෙන් CCTV කැමරා සවි කිරීම සිදු කරන බව පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේය. මේ වන විට කැමරා 538 ක් සවි කර ඇති බවත් ඉදිරියේදී 400 පමණ සවිකරන බවත් එම නිලධාරීන් පෙන්වා දුන්නේය. මාස 6 ක් ඇතුළත මෙම CCTV කැමරා සවි කිරීමට කටයුතු කරන බවද පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේය.

ත්‍රිකුණාමලය වරායේ ඇති Night Navigation පද්ධතිය උපරිම වශයෙන් ක්‍රියාත්මක නොවීම

ත්‍රිකුණාමලය වරායේ ඇති Night Navigation පද්ධතිය උපරිම වශයෙන් ක්‍රියාත්මක නොවීම පිළිබඳවද කෝප් කමිටුව මෙහිදී විමසීම සිදු විය.

2022 වර්ෂය වෙනුවෙන් ආහාර සඳහා 2022 වර්ෂයේ රුපියල් බිලියන 1.2 ක වියදමක්

2022 වර්ෂය වෙනුවෙන් ආහාර සඳහා 2022 වර්ෂයේ රුපියල් බිලියන 1.2 ක වියදමක් දරා ඇති බවද මෙහිදී අනාවරණය විය. මේ අනුව මේ මුදලෙන් රුපියල් මිලියන 498 කෙටි ආහාර සඳහා වියදම් කර ඇති බවද මෙහිදී විගණකාධිපතිවරයා සඳහන් කළේය.

මෙම නිර්දේශවල ප්‍රගතිය සමාලෝචනය සදහා ශ්‍රී ලංකා වරාය අධිකාරිය 2023 දෙසැම්බර් 08 දින නැවත කැදවීමටයි මෙහිදී තීරණය වූයේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඩොලර් හොයන්න තියෙන්නේ ක්‍රම 5යි - මෙන්න මාලිමාවේ සුපිරි සැලසුම්
02:25
Video thumbnail
ජනාධිපතිගේ වාහනයට ආණ්ඩුවෙන් තෙල් ගහන්නේ නෑ
02:39
Video thumbnail
මේ මැතිවරණය මාලිමාව record පිට record තිබ්බා #npp
03:19
Video thumbnail
ආය පාර්ලිමේන්තුවේ මිරිස්කුඩු ගැහිලි නෑ - ඒවටනම් තිත - කතානායක දුන්නු උපදෙස මෙන්න
01:44
Video thumbnail
දිනලා ආපු නලීන් හේවගේ ගම්මු පිළිගත්තේ කේක් එකකුත් කපලා
01:29
Video thumbnail
නවක මන්තී වරුන්ට කොළඹින් නිල නිවසක් ? - කතානායකගෙන් විශේෂ ප්‍රකාශයක්...
01:24
Video thumbnail
කතානායක අර්චුන රාමනාදන්ට ගන්න යන පියවර ගැන මුල්වරට කියයි #archchuna_ramanathan #අර්චුන_රාමනාදන්
06:40
Video thumbnail
වැලිගම කොක්මාදුව මාර්ගය ජලයෙන් යටවෙයි - අද උදෑසන දර්ශන පෙළක්
03:03
Video thumbnail
මහා වැස්සෙන් යාපනයත් ජලයෙන් යටවෙයි
00:28
Video thumbnail
දුක වේදනාව එන්නේ මේ මායාවන් පසුපස යාම නිසයි
11:16

?