හිරු ගවේෂණයට ‘ආදිත්‍ය L1’ සැතපුම් මිලියන 93ක දිගු ගමන අරඹයි (වීඩියෝ)

ඉන්දියාව විසින් හිරු ගවේෂණය සඳහා නිපදවූ ‘ආදිත්‍ය L1’ රොබෝ යානය රැගත් රොකට්ටුව අද (02) උඩු ගුවන බලා ගමන් ආරම්භ කළා.

මෙම සුවිශේෂී අවස්ථාව දැක බලාගැනීම සඳහා විශාල පිරිසක් එක්ව සිටි බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දීය වේලාවෙන් පෙරවරු 11.50ට මෙම යානය අභ්‍යවකාශ ගත කෙරුණු අතර, පෘථිවි කක්ෂයට ගිය පසු රොකට්ටුවෙන් මුදාහරින රොබෝ යානය, දින 125ක දුර ගමක නියැලීමට නියමිතයි.

එම රොබෝ යානය පෘථිවියේ සිට කිලෝමීටර මිලියන 1.5 ක් එනම් සැතපුම් මිලියන 93ක දුරක පිහිටි ‘ලග්‍රාන්ජ් පොයින්ට්’ Lagrangian Point 1 (L1) යන නමින් හඳුන්වන ස්ථානය වෙත ගොස් සූර්යා නිරීක්ෂණය ඇරඹීමට නියමිතව තිබෙනවා.

ගණිතඥ ජෝසප් ලුවී ලග්‍රෙන්ජ් විසින් සොයා ගන්නා ලද, ලග්‍රාන්ජ් ලක්ෂ්‍ය යනු අභ්‍යවකාශයේ ඇති ස්ථාන දෙකක් අතර ගුරුත්වාකර්ෂණ බලයන් ක්‍රියා කරමින්, අභ්‍යවකාශ යානාවලට අවම ඉන්ධන පරිභෝජනයක් සහිත ස්ථාවර ස්ථානයක පැවතිය හැකි ආකාරයට එකිනෙක තුලනය වන ස්ථානයක් වනවා.

‘ආදිත්‍ය L1’ යානය හිරු ගවේෂණය කරමින්, හිරුගේ ඡායාරූප ගැනීම සිදුකරන අතර, එහිදී එම රොබෝ යානය මඟින් දිනකට හිරුගේ ඡායාරූප 1,440ක් පෘථිවියට වෙත එවීමට නියමිතයි.

මෙම සුවිශේෂී මෙහෙයුම සඳහා වැයවන මුදල පිළිබඳව ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ඒජන්සිය ප්‍රකාශ කර නොමැති අතර,ඉන්දියානු පුවත්පත්වල වාර්තා වන්නේ එය ඉන්දීය රුපියල් බිලියන 3.78ක් එනම් ඩොලර් මිලියන 46ක් බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චොකා මල්ලිට කොහොමද ගිනි අවියක් දුන්නේ ආණ්ඩුවෙන් ?රට පනිනකල් බලන් හිටියේ ඇයි ?
03:55
Video thumbnail
රාජපක්ෂවරුන්ව කොටුකරන්න ආණ්ඩුව සැලසුම් හදනවා
03:13
Video thumbnail
ජනපති බේරුවලදි, රෝහල් ගැන කිව්ව ප්‍රකාශය ගැන විජිත හෙළිකරයි - කියපු දේ තේරුම් ගත්තේ නෑනේ ඔයා
05:19
Video thumbnail
කඩයක් ෆ්ලැට් කරගෙන ගිය ලොරි රථය
00:39
Video thumbnail
මහානාම ශිෂ්‍යන්ට සොනාල් දීපු උපදෙස
02:12
Video thumbnail
එයාර් බස් ගනුදෙනුව පිළිබඳව පළමු චෝදනාව ආවේ එංගලන්තයෙන් - අපිට කාගෙන්වත් ප#ගන්න ඕනි නෑ
02:02
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.08
08:06:08
Video thumbnail
සංවිධානාත්මක අපාරාධ වැළැක්වීමේ පනතක් ගෙනාවා - මෙයාලා ත්‍රස්තවාදීන් නෙවෙයි - පාතාල ක්‍රියාකරුවන්
04:31
Video thumbnail
සොනාල් දිනුෂට මහානාමෙන් ලැබුණු උපහාර
02:45
Video thumbnail
රනිල්ලා දැම්ම නඩුවනේ මේ..හරියට නඩුව ඇහුවේ නෑ ඩීල් කළා - දැන් මොනවද මේ කියන්නේ ?
01:41