2023 – 2030 විදුලිබල සම්ප්‍රේෂණ මාර්ග සංවර්ධන සැලැස්ම විදුලිබල ඇමතිට

ලංකා විදුලිබල මණ්ඩලයේ 2023 – 2030 විදුලිබල සම්ප්‍රේෂණ මාර්ග සංවර්ධන සැලැස්ම විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වෙත භාරදී තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සම්ප්‍රේෂණ පහසුකම් සංවර්ධන කිරීමේ සැළසුම සම්බන්ධයෙන් පැවැති විශේෂ සාකච්ඡාවේදී විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා විසිනුයි එම සැළැස්ම ඇමතිවරයාට භාරදී ඇත්තේ.

ව්‍යාපෘති සඳහා පුනර්ජනනීය බලශක්ති එකතු කිරීම් සහ මූල්‍යකරණය ඒකාබද්ධ කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධන සැලැස්ම පිළිබඳව එහිදී විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ බව අමාත්‍යවරයා සඳහන් කළා.

අඛණ්ඩ විදුලිබල සැපයුමක් වෙනුවෙන් අවශ්‍ය වන සම්ප්‍රේෂණ මාර්ගවල පුළුල් කිරීම් හදුනාගැනීම, ඉදිරියේදී ඇතිවන විදුලිබල ඉල්ලුම සැපයීමට අවශ්‍ය කරන පුළුල් කිරීම් හදුනාගැනීම, දීර්ඝකාලීන විදුලිබල උත්පාදන සැළසුම වෙනුවෙන් අවශ්‍ය කරන විදුලිබල සම්බන්ධ කිරීම් පුළුල් කිරීම, පද්ධතිය ස්ථාවරව පවත්වාගෙන යාමට අවශ්‍ය අළුතින් ඉදිවන විදුලිබල ජාල සම්බන්ධතා මෙන්ම විදුලිබල පද්ධතියට ඇතිවන පීඩාකාරී බලපෑම් නිවාරණය වෙනුවෙන් අපවර්තකයක් ලෙස විචල්‍ය පුනර්ජනනීය බලශක්ති තාක්ෂණය සපයාගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23