spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

2023 – 2030 විදුලිබල සම්ප්‍රේෂණ මාර්ග සංවර්ධන සැලැස්ම විදුලිබල ඇමතිට

ලංකා විදුලිබල මණ්ඩලයේ 2023 – 2030 විදුලිබල සම්ප්‍රේෂණ මාර්ග සංවර්ධන සැලැස්ම විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර වෙත භාරදී තිබෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සම්ප්‍රේෂණ පහසුකම් සංවර්ධන කිරීමේ සැළසුම සම්බන්ධයෙන් පැවැති විශේෂ සාකච්ඡාවේදී විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී රොහාන් සෙනෙවිරත්න මහතා විසිනුයි එම සැළැස්ම ඇමතිවරයාට භාරදී ඇත්තේ.

ව්‍යාපෘති සඳහා පුනර්ජනනීය බලශක්ති එකතු කිරීම් සහ මූල්‍යකරණය ඒකාබද්ධ කිරීම සඳහා යටිතල පහසුකම් සංවර්ධන සැලැස්ම පිළිබඳව එහිදී විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළ බව අමාත්‍යවරයා සඳහන් කළා.

අඛණ්ඩ විදුලිබල සැපයුමක් වෙනුවෙන් අවශ්‍ය වන සම්ප්‍රේෂණ මාර්ගවල පුළුල් කිරීම් හදුනාගැනීම, ඉදිරියේදී ඇතිවන විදුලිබල ඉල්ලුම සැපයීමට අවශ්‍ය කරන පුළුල් කිරීම් හදුනාගැනීම, දීර්ඝකාලීන විදුලිබල උත්පාදන සැළසුම වෙනුවෙන් අවශ්‍ය කරන විදුලිබල සම්බන්ධ කිරීම් පුළුල් කිරීම, පද්ධතිය ස්ථාවරව පවත්වාගෙන යාමට අවශ්‍ය අළුතින් ඉදිවන විදුලිබල ජාල සම්බන්ධතා මෙන්ම විදුලිබල පද්ධතියට ඇතිවන පීඩාකාරී බලපෑම් නිවාරණය වෙනුවෙන් අපවර්තකයක් ලෙස විචල්‍ය පුනර්ජනනීය බලශක්ති තාක්ෂණය සපයාගැනීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?