ජූලි මාසයේ මුල් සති දෙක තුළ සංචාරකයින් 55,566ක් ශ්‍රී ලංකාවට

මෙම ජූලි මාසයේ මුල් සති දෙක තුළ සංචාරකයින් 55,000කට වැඩි පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා.

එම අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම වර්තාවක දැක්වෙන්නේ ජූලි මාසයේ මේ දක්වා සංචාරකයින් 55,566 දෙනෙකු දිවයිනට පැමිණ ඇති බවයි.

ඒ අතරින් වැඩි පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර එම සංඛ්‍යාව 8,169ක්.

මේ අතර සංචාරක සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළේ අදාළ කාලය තුළ එක්සත් රාජධානියෙන් සංචාරකයන් 4,474ක් පැමිණ ඇති බවයි.

මෙම මාසයේ චීනයෙන් පැමිණෙන සංචාරකයන්ගේ සැලකිය යුතු වැඩි වීමක් දක්නට ලැබී තිබෙනවා.

මේ මාසයේ ගතවූ කාලය තුළ චීන ජාතිකයන් 2,893ක් ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ජර්මනියෙන් සංචාරකයින් 2,824ක් සහ රුසියාවෙන් සංචාරකයින් 2,599ක් ද මේ මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි සඳහන්.

ජූනි මාසයේදී ශ්‍රී ලංකාවට සංචාරකයින් 100,388ක් පැමිණ තිබෙනවා. ඒ අනුව වසරේ මේ දක්වා සංචාරකයින් 680,440ක් පැමිණ ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39