AFC Banner
Empty Ad
Empty Ad

ධනුෂ්ක ගුණතිලක බලන්න හරින් සහ ජයසූරිය යයි

සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ හිටපු ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය සිඩ්නි නුවරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හමුවී තිබෙනවා.

හරින් ප්‍රනාන්දු සහ සනත් ජයසූරිය යන දෙදෙනාම සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් සඳහා සිඩ්නි නුවරට පැමිණ සිටින අතර වාරයේදී යි මෙම හමුව සිදුවී ඇත්තේ.

ඔවුන්ගේ පැමිණීම පිළිබඳව ධනුෂ්ක ගුණතිලක ඡායාරූපයක් ද සමඟ ෆේස්බුක් සටහනක් තබමින් සිය කෘතඥතාව පළ කර තිබෙනවා.

2022 වසරේ ඔක්තෝම්බර් මාසයේදී පැවති T20 ලෝක කුසලාන තරඟාවලියේදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාවට අදාළ අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් ධනුෂ්ක ඕස්ට්‍රේලියාවේ රැඳී සිටිනවා.

පසුගිය මාසයේදී, ඕස්ට්‍රේලියානු පොලිසිය ඔහුට එරෙහිව පැවති චෝදනා හතරෙන් තුනක් ඉවත් කරනු ලැබුවා.

අදාළ කාන්තාවගේ කැමැත්තෙන් තොරව එක් ලිංගික ක්‍රියාවන්හි නිරත වීම සම්බන්ධ චෝදනාවයි මේ වන විට ඔහුට එල්ලවී ඇත්තේ.

අනෙක් චෝදනාවට ද නිවැරදිකරු බවට ප්‍රකාශ කර ඇති අතර නඩු විභාගය තවදුරටත් ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
7
+1
4
+1
2
+1
0
+1
6
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?