තවත් භාණ්ඩ රැසක ආනයනය සීමා නුදුරේදීම ඉවතට

තවත් භාණ්ඩ 300ක ආනයන සීමා නුදුරේදීම ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ ලබන සතියේදී මෙම සීමා ලිහිල් කෙරෙනු ඇති බවයි.

ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුළු භාණ්ඩ 300කට අධික ප්‍රමාණයක් සඳහා පනවා තිබූ ආනයන සීමා පසුගිය ජූනි 9 වැනිදා ඉවත් කෙරුණා.

ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේ ආනයන අපනයන පාලක ජනරාල්වරයා විසිනුයි.

ඒ අනුව ආනයන සීමාවන්ට යටත් භාණ්ඩ ප්‍රමාණය 1216 දක්වා අඩු කළ බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා.

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් භාණ්ඩ 4000කට පමණ පසුගිය සමයේ ආනයන සීමා පැනවූ අතර මේ වන විට භාණ්ඩ 3000කට වැඩි ප්‍රමාණයක ආනයන සීමා ඉවත් කර ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

සියලුම යෝජනා සහ නිර්දේශ සලකා බලන නමුත් ආනයන සීමා ලිහිල් කිරීම පිළිබඳ අවසන් තීරණය ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශ මත ගන්නා බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
22වන ව්‍යවස්ථා සංශෝධනය ගැන හර්ෂ දකින කෝණ තුන - හොරකම් කරලා තියෙන අය හිරේ දාන්න ඕනි
11:47
Video thumbnail
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට ලැබුණු මිලියන ගණනක තෑගි - හඳුන්නෙත්තිගේ සුරතින් ලබාදුන් අයුරු
01:56
Video thumbnail
අප රටට අවශ්‍ය වන්නේ ප්‍රායෝගික බෞද්ධයන් - පින්තූරයට සීමාවූ බෞද්ධකම වැඩක් නෑ
15:45
Video thumbnail
වැහි පිරිත ලක්ෂ වාරයක් දේශනා කරලා පිරිත් පැන් රට පුරා ඉසිමු - මුරුත්තෙට්ටුවේ හිමිගෙන් පිළියම්
05:44
Video thumbnail
මතට ලොල්වූ පුතා තම පියාව එළොව යැව්වද ?දිවුල්ලෑව ප්‍රදේශයෙන් ඇසුණු අභිරහස් එළොව යෑම
00:58
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම හොඳ වැඩක් - විපක්ෂයේ අවලාද නිසා ගරුත්වය නැතිවෙන්නේ
03:43
Video thumbnail
බලන්න ඒ තාත්තාට කොච්චරනම් සතුටුද..? කාලා ඇඳුමක් දාගෙන එන්න...
00:23
Video thumbnail
ජනතා ආදරය සජිත්ට ලැබුණු හැටි මෙන්න...
01:50
Video thumbnail
පොලිසියේ අවධානය පිණිසයි...
00:34
Video thumbnail
ආච්චිගේ ලක්ෂ 8 රන් මාලේ උස්සපු හොරා - "බබා ගන්න මුවාවෙන් මාලේ කඩාගෙන දිව්වා"
04:15