spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

තවත් භාණ්ඩ රැසක ආනයනය සීමා නුදුරේදීම ඉවතට

තවත් භාණ්ඩ 300ක ආනයන සීමා නුදුරේදීම ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේ ලබන සතියේදී මෙම සීමා ලිහිල් කෙරෙනු ඇති බවයි.

ඉලෙක්ට්‍රොනික උපකරණ ඇතුළු භාණ්ඩ 300කට අධික ප්‍රමාණයක් සඳහා පනවා තිබූ ආනයන සීමා පසුගිය ජූනි 9 වැනිදා ඉවත් කෙරුණා.

ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබුවේ ආනයන අපනයන පාලක ජනරාල්වරයා විසිනුයි.

ඒ අනුව ආනයන සීමාවන්ට යටත් භාණ්ඩ ප්‍රමාණය 1216 දක්වා අඩු කළ බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළා.

විදේශ විනිමය අර්බුදය හේතුවෙන් භාණ්ඩ 4000කට පමණ පසුගිය සමයේ ආනයන සීමා පැනවූ අතර මේ වන විට භාණ්ඩ 3000කට වැඩි ප්‍රමාණයක ආනයන සීමා ඉවත් කර ඇති බවයි ඔහු පෙන්වා දුන්නේ.

සියලුම යෝජනා සහ නිර්දේශ සලකා බලන නමුත් ආනයන සීමා ලිහිල් කිරීම පිළිබඳ අවසන් තීරණය ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්දේශ මත ගන්නා බව රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
3
+1
1
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?