ඇසේ සැත්කමට ගිය දෙදරු මව සිහි නොලබාම මිය ගිහින් (වීඩියෝ)

කොළඹ ජාතික අක්ෂි රෝහලේදී ඇසේ ශල්‍යකර්මයක් සිදු කිරීමෙන් පසු සිහිය නොලබාම කාන්තාවක් මියගිය බවට ඥාතීන් චෝදනා කරනවා.

පසුගිය 5 වනදා මියගිය අදාළ කාන්තාවගේ දේහය පවුලේ ඥාතීන් වෙත භාර කිරීම සිදු වූයේ අද දිනයේදී යි.

මියගොස් ඇති කාන්තාවගේ සැමියා චෝදනා කරන්නේ සැත්කම වෙනුවෙන් සිහි නැති කිරීමට යොදාගත් එන්නත හේතුවෙන් තම බිරිඳ මියගොස් ඇති බවටයි.

කොස්ගොඩ බොරළුකැටිය දකුණ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි දෙදරු මව පසුගියදා ජාතික අක්ෂි රෝහලට ඇතුළත් කෙරුණේ ඇසට කාචයක් යෙදීම සඳහායි.

එම ශල්‍යකර්මයෙන් පසු ඇති වූ අසාත්මිකතා හේතුවෙන් ඇය යළි රෝහල්ගත කර තිබූ බව සඳහන්.

ඒ අනුව ඇය යළි නිර්වින්දනය කර ශල්‍යකර්මයකට භාජනය කර තිබෙනවා. කෙසේ වුවද එයින් පසුව සිහිය නොලැබූ ඇය ජීවිතයෙන් සමු ගත්තා.

මියගිය කාන්තාවගේ දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සදහා දේහයේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දේහය පවුලේ ඥාතීන් වෙත භාර කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කමිටුවක් හරහා පරීක්ෂණ සිදු කරන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

https://www.youtube.com/watch?v=aehGcjkT-r0
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
10
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තිස්සකුට්ටිගෙන් සජබයට රතු එළි - අපේ කටවල් අවුස්සගන්නේ නැතුව සාමකාමීව ඉන්න
02:08
Video thumbnail
ගිනිගත් වැඩිහිටි නිවාසයේ අද උදෑසන තත්ත්වය - කන්න උයපු කෑමත් එක්කම අළුවෙලා තියෙන හැටි
02:06
Video thumbnail
ගුරුවරුන්ට කොකා පෙන්නන්න එන්න එපා - දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට යනවා අපි
05:02
Video thumbnail
ගසට ය#වූ මිනිස්සු එළියට ගත් මෙහෙයුම - "ගහ අයින් කරගන්න කියලා තිබ්බේ" මෙහි සංවේදී දර්ශන සහිතයි
01:36
Video thumbnail
ත්‍රීවීල් එකක් මතට ගසක් වැටී පාසල් සිසුවෙක් ඇතුළු තිදෙනෙක් එළොව යයි.."එළියට ගන්න බෑ..හි#රවෙලා"
02:16
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව
00:23
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර
00:57
Video thumbnail
දැවෙන නිවාසය ළඟට ආ කොට්ටහච්චි සංවේදී වෙයි
00:59
Video thumbnail
වාහනයක් ඉස්සර කරන්න ගිහින් සිදුවූ බිහිසුණු අනතුර - "වෙලාවට කකුල් දෙක බේරිලා..මල්ලි බලාගෙන"
01:54
Video thumbnail
බිහිසුණු ඛේදවාචකයකට මුහුණ දුන් වැඩිහිටියන්ව සනසන පොලිස් කාන්තාව..එයාලගේ මූණුවල තියෙන දුක
01:03