spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇසේ සැත්කමට ගිය දෙදරු මව සිහි නොලබාම මිය ගිහින් (වීඩියෝ)

කොළඹ ජාතික අක්ෂි රෝහලේදී ඇසේ ශල්‍යකර්මයක් සිදු කිරීමෙන් පසු සිහිය නොලබාම කාන්තාවක් මියගිය බවට ඥාතීන් චෝදනා කරනවා.

පසුගිය 5 වනදා මියගිය අදාළ කාන්තාවගේ දේහය පවුලේ ඥාතීන් වෙත භාර කිරීම සිදු වූයේ අද දිනයේදී යි.

මියගොස් ඇති කාන්තාවගේ සැමියා චෝදනා කරන්නේ සැත්කම වෙනුවෙන් සිහි නැති කිරීමට යොදාගත් එන්නත හේතුවෙන් තම බිරිඳ මියගොස් ඇති බවටයි.

කොස්ගොඩ බොරළුකැටිය දකුණ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි දෙදරු මව පසුගියදා ජාතික අක්ෂි රෝහලට ඇතුළත් කෙරුණේ ඇසට කාචයක් යෙදීම සඳහායි.

එම ශල්‍යකර්මයෙන් පසු ඇති වූ අසාත්මිකතා හේතුවෙන් ඇය යළි රෝහල්ගත කර තිබූ බව සඳහන්.

ඒ අනුව ඇය යළි නිර්වින්දනය කර ශල්‍යකර්මයකට භාජනය කර තිබෙනවා. කෙසේ වුවද එයින් පසුව සිහිය නොලැබූ ඇය ජීවිතයෙන් සමු ගත්තා.

මියගිය කාන්තාවගේ දේහය පිළිබද පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමෙන් පසු වැඩිදුර පරීක්ෂණ සදහා දේහයේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු දේහය පවුලේ ඥාතීන් වෙත භාර කෙරුණා.

සිද්ධිය සම්බන්ධයෙන් කමිටුවක් හරහා පරීක්ෂණ සිදු කරන බවයි සෞඛ්‍ය අංශ සඳහන් කරන්නේ.

https://www.youtube.com/watch?v=aehGcjkT-r0
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
10
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?