Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කස්සප හිමියන්ගේ ප්‍රකාශයට එරෙහිව ත්‍රිකුණාමලේ අධිකරණ නීතිඥවරුන්ගෙන් විරෝධතා ව්‍යාපාරයක්

බලංගොඩ කස්සප හිමියන් විසින් ත්‍රිකුණාමලයේ මහේස්ත්‍රාත්වරයාට හා අධිකරණයට අපහාස වන ලෙස ප්‍රකාශයක් සිදු කිරීම හෙළා දකිමින්, ත්‍රිකුණාමල අධිකරණ සංකීර්ණයේ නීතිඥවරු අධිකරණ සංකීර්ණය ඉදිරිපිට අද පෙරවරුවේ නිහඬ විරෝධතාවයක නිතරවුණා.

ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම නිසා එම අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා විසින් පූජ්‍ය කස්සප හිමියන්ට එරෙහිව විවෘත වරෙන්තුවක් නිකුත්කර තිබුණා.

එම වරෙන්තුව සම්බන්ධයෙන් කස්සප හිමියන් මාධ්‍ය හරහා කළ ප්‍රකාශයෙන් අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් සිදු වී ඇති බවත් මහේස්ත්‍රාත් නිකුත් කර ඇත්තේ නඩුවකට පෙනී නොසිටීම නිසා නීත්‍යනුකූල නියෝගයක් බවත් නීතිඥවරු මෙහිදී අවධාරණය කළා.

ත්‍රිකුණාමල මහේස්ත්‍රාත්වරයාට හා අධිකරණයට හිමිනම කළ ප්‍රකාශය තරයේ හෙලා දකින බවත් ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කල යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ත්‍රිකුණාමල ශාඛාවේ සභාපති නීතිඥ ඒ.එස්.එම් රපීස් ප්‍රකාශ කරනවා.