ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඉන්දීය යුද්ධ හමුදාව අතර වාර්ෂිකව පැවැත්වෙන ඒකාබද්ධ යුද්ධ අභ්‍යාස මාලාවේ 12 වැනි අදියර වන ‘මිත්‍ර ශක්ති XII – 2026’ අභ්‍යාසයට සහභාගී වීම සඳහා ඉන්දීය යුද්ධ හමුදා භට පිරිස් අද (13) මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණියා.
දිවයිනට පැමිණි ඉන්දීය යුද්ධ හමුදා භට පිරිස නිලධාරීන් 19 දෙනෙකු සහ සෙසු නිලයන් 150 දෙනෙකුගෙන් යුත් සමන්විත බවට වාර්තාවෙනවා.
මෙම ඒකාබද්ධ යුද්ධ අභ්‍යාසය නොවැම්බර් මස 13 වැනිදා සිට 26 වැනිදා දක්වා මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසලේදී පැවැත්වීමට නියමිතයි. දෙරටේ යුද්ධ හමුදා අතර පවතින මිත්‍රත්වය, අන්‍යෝන්‍ය අවබෝධය සහ වෘත්තීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වෙනවා.
2012 වසරේදී ආරම්භ වූ ‘මිත්‍ර ශක්ති’ ඒකාබද්ධ යුද්ධ අභ්‍යාසය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හමුදා සහයෝගීතාව වර්ධනය කිරීම සඳහා වැදගත් වේදිකාවක් බවට පත්ව තිබෙන බව යුද්ධ හමුදාව විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයේ සඳහන් වෙනවා.
