ඕස්ට්‍රේලියාවේ සිට සංචාරක ඉල්ලුම ඉහළ යාමත් සමඟම ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙල්බර්න් නුවර වෙත සතියකට සිදු කරන ගුවන් ගමන් වාර ගණන ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව, එළඹෙන 15 වැනිදා සිට මෙල්බර්න් නුවර වෙත සතියකට තවත් ගුවන් ගමන් වාර 03ක් සිදු කරන බවයි, ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා සඳහන් කළේ.
මේ වනවිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙත සතියකට ගුවන් ගමන් වාර 10ක් ක්‍රියාත්මක වන අතර එය ගුවන් ගමන් වාර සංඛ්‍යාව 14 දක්වා ඉහළ යනවා.
ඊට අමතරව කටුනායක සිට ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර වෙත තවත් ගුවන් ගමන් වාර 04 සුපුරුදු පරිදි ක්‍රියාත්මක වනවා.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙත අලුතින් ක්‍රියාත්මක කෙරෙන ගුවන් ගමන් සෑම සතියකම අගහරුවාදා , බ්‍රහස්පතින්දා සහ ඉරිදා යන දින වල කටුනායක ගුවන් තොටුපොළේ සිට ක්‍රියාත්මක වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
