වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසක් වැල්ලවාය නගර ආසන්නයේ සිදුකළ වැටලීකමදී මෝටර් රථයකින් මුව මස් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සන්තකයේ තිබී මුව මස් කිලෝග්‍රෑම් 08යි ග්‍රෑම් 400ක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක් බව පොලිසීය සඳහන් කළේ.
සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිසිය විසින් ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.










