ජනප්‍රිය ගායකයෙකු ඇතුළු පිරිසක් පානදුර ප්‍රදේශයේ ආපනශාලාවකින් ආහාර ගැනීමෙන් අනතුරුව ඊට අදාළ බිල නොගවා පිටව යාමට උත්සාහ කිරීමේ දී ගැටුමක් ඇතිව තිබෙනවා.
එහිදී ආපනශාලාවේ සේවකයන් දෙදෙනකුට පහර දී එහි දේපළවලට ද අලාභානි සිදු කළ බව පවසමින් පානදුර දකුණ පොලිසියට පැමිණිල්ලක් ද ලැබී ඇති බවයි වාර්තා වන්නේ.
පානදුර ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවකට ගායන ශිල්පී සමන් ද සිල්වා ඇතුළු පිරිසක් පෙරේදා (01) රාත්‍රියේ ආහාර ගැනීමට පැමිණ තිබෙනවා.
එහිදී සමන් ද සිල්වා ඇතුළු එම පිරිස පරාටා විස්සක් , උම්බලකඩ සම්බෝලයක් , කුකුල් මස් කිරි හා පරිප්පු කරියක් ආහාරයට ගෙන ඇති අතර ද පැණි බීම බෝතල් දෙකක් ද පානය කර තිබූ බව සඳහන්.
එලෙස ආහාර ගැනීමෙන් අනතුරුව එහි බිල වන රුපියල් 1650ක මුදල නොගෙවා පිටව යාමට සැරසීමත් සමඟ ආපනශාලා සේවකයන් එයට විරුද්ධ වී ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේ දී ආවේගශීලිව හැසිරී ඇති ගායක ශිල්පියා ඇතුළු පිරිස එහි සේවකයන් දෙදෙනකුට පහර දී පුටු මේස පොළවේ ගසා අලාභහානි සිදුකළ බව පැමිණිල්ලේ සඳහන්.





