බිල නොගෙ වූ ජනප්‍රිය ගායකයා ආපනශාලාවක් තුළ යකා නටයි

ජනප්‍රිය ගායකයෙකු ඇතුළු පිරිසක් පානදුර ප්‍රදේශයේ ආපනශාලාවකින් ආහාර ගැනීමෙන් අනතුරුව ඊට අදාළ බිල නොගවා පිටව යාමට උත්සාහ කිරීමේ දී ගැටුමක් ඇතිව තිබෙනවා.

එහිදී ආපනශාලාවේ සේවකයන් දෙදෙනකුට පහර දී එහි දේපළවලට ද අලාභානි සිදු කළ බව පවසමින් පානදුර දකුණ පොලිසියට පැමිණිල්ලක් ද ලැබී ඇති බවයි වාර්තා වන්නේ.

පානදුර ප්‍රදේශයේ පිහිටි ආපනශාලාවකට ගායන ශිල්පී සමන් ද සිල්වා ඇතුළු පිරිසක් පෙරේදා (01) රාත්‍රියේ ආහාර ගැනීමට පැමිණ තිබෙනවා.

එහිදී සමන් ද සිල්වා ඇතුළු එම පිරිස පරාටා විස්සක් , උම්බලකඩ සම්බෝලයක් , කුකුල් මස් කිරි හා පරිප්පු කරියක් ආහාරයට ගෙන ඇති අතර ද පැණි බීම බෝතල් දෙකක් ද පානය කර තිබූ බව සඳහන්.

එලෙස ආහාර ගැනීමෙන් අනතුරුව එහි බිල වන රුපියල් 1650ක මුදල නොගෙවා පිටව යාමට සැරසීමත් සමඟ ආපනශාලා සේවකයන් එයට විරුද්ධ වී ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේ දී ආවේගශීලිව හැසිරී ඇති ගායක ශිල්පියා ඇතුළු පිරිස එහි සේවකයන් දෙදෙනකුට පහර දී පුටු මේස පොළවේ ගසා අලාභහානි සිදුකළ බව පැමිණිල්ලේ සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15