ඉන්දියානු දක්ෂතා සහ අමෙරිකානු තාක්‍ෂණය එක්වීම දීප්තිමත් අනාගතයක් සහතික කරන බවට මෝදිගෙන් ප්‍රකාශයක්

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පසුගිය දා සිය අමෙරිකානු සංචාරය නිමා කළේ දෙරටටම වැදගත් වන දේශපාලන, ව්‍යාපාරික සහ තාක්ෂණික අංශයේ කරුණු රැසකට එකඟතා ඇති කරගනිමින්.

සිය රාජ්‍ය සංචාරය අතරතුර ඔහු ධවල මන්දිරයේදී දෙරටේ ව්‍යාපාරික ප්‍රවීණයන් හමු වී තිබුණා.

එම ප්‍රවීණයින් හමුවේ  ඉන්දීය අගමැතිවරයා පැවසුවේ ඉන්දියානු දක්ෂතා සහ එක්සත් ජනපදයේ තාක්‍ෂණික දියුණුව එක්වීම දීප්තිමත් අනාගතයක් සහතික කරන බවයි.

“මෙ⁣ම රැස්වීම මිතුරන් කිහිප දෙනෙකු අතර පමණක් වන නමුත් එය දීප්තිමත් අනාගතයක් පිළිබඳ සහතිකයක් ගෙන එනවා” යැයි මෝදි ඉන්දියාව හා එක්සත් ජනපදය අතර  අධි තාක්‍ෂණික එක් වීම සනිටුහන් කරන ඉසව්වේදී ප්‍රකාශ කළා.

ජනාධිපති බයිඩ්න්ගේ දැක්ම සහ හැකියාවනුත් ඉන්දියාවේ අභිලාෂයන් සහ හැකියාවනුත් ඉදිරියට රැගෙන යාමට මෙය කදිම අවස්ථාවක් බව මෝදි  පැවසුවේ,එම රැස්වීමට පැමිණ සිටීම ගැන එක්සත් ජනපද නායකයාට ස්තූතිය ද පළ කරමින්.

ඔහු සංවර්ධනය හින්දි භාෂාවෙන් “හොන්හාර්, ෂන්දාර්, ධර්දාර්” ලෙස සඳහන් කළ අතර එය නව අනාගතයකට මග පාදනු ඇතැයි පැවසුවා.

ඉන්දීය අගමැතිවරයා සහ ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් අතර මෙම හමුව සිදුවූයේ දෙරටේ අධි තාක්‍ෂණික අංශයේ සබඳතා ගැඹුරු කිරීමට බලාපොරොත්තු වන අවස්ථාවකදීයි.

කෘෂිකර්මාන්තයේ සිට අභ්‍යවකාශය දක්වා සෑම අංශයකින්ම ව්‍යාපාරික ප්‍රදානයෙන් එම රැස්වීම සඳහා පැමිණ ඇති බව ඔහු මෙහිදී සිහිපත් කළා.

ඔවුන්ගෙන් ඇතැමෙක් හොඳින් ස්ථාපිත ව්‍යාපාර නියෝජනය කරන අතර තවත් සමහරෙක් ප්‍රමුඛ මට්ටමේ ආරම්භකයින්.

රිලයන්ස් ඉන්ඩස්ට්‍රිස් හි සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ මුකේෂ් අම්බානි, මහින්ද්‍රා හි සභාපති ආනන්ද් මහින්ද්‍රා, Zerodha සහ True Beacon සම-නිර්මාතෘ නිඛිල් කාමත් සහ 3rdiTech සම-නිර්මාතෘ ව්‍රින්ද්‍රා කපූර් යන පිරිස ඉන්දීය ව්‍යාපාරික දූත පිරිසේ කොටසක් ලෙස රැස්වීමට එක්ව සිටියා.

Microsoft ප්‍රධාන විධායක නිලධාරි සට්‍යා නඩෙලා, Apple ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක්, Google ප්‍රධාන විධායක නිලධාරි සුන්දර් පිචෙයි, OpenAI ප්‍රධාන විධායක නිලධාරි සෑම් ඕල්ට්මන්, AMD ප්‍රධාන විධායක නිලධාරි ලීසා සූ, NASA ගගනගාමී සුනීතා විලියම්ස් මෙම රැස්වීමට සහභාගී වූ ඇමරිකානු නියෝජිතයින් අතර වුණා.

මෙහිදී ඇමරිකානු ජනාධිපති බයිඩ්න් පැවසුවේ මෙම හවුල්කාරිත්වය දරුවන්ට නිදහස්, වඩාත් සුරක්ෂිත සහ සමෘද්ධිමත් අනාගතයක් සහතික කරනු ඇති බවයි.

අපගේ සහයෝගිතාව වැදගත් වන්නේ අපගේ ජනතාවට පමණක් නොව මුළු ලෝකයටමයි, මන්ද අපගේ හවුල්කාරිත්වය මීළඟ ජයග්‍රහණයට හෝ ඊළඟ ගනුදෙනුවට වඩා විශාල වන බැවින්” යැයි ඇමෙරිකානු ජනපතිවරයා ප්‍රකාශ කළා.

එය දේශගුණික විපර්යාසවලට මුහුණ දීම, විශ්වය ගවේෂණය කිරීම, මිනිසුන් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීම, වසංගත රෝග වැළැක්වීම සහ  පුරවැසියන්ට සැබෑ අවස්ථාව ලබා දීම පිළිබඳ බවයි ජනාධිපතිවරයා පැවසුවේ.

මෝදිගේ එක්සත් ජනපද රාජ්‍ය සංචාරය ඉන්දියානු නිලධාරීන් විසින් ඓතිහාසික එකක් ලෙස නම් කර ඇති අතර, ඔවුන්ගේ හුවමාරුව සහ ඒකාබද්ධ පර්යේෂණ ඇතුළු අති නවීන තාක්‍ෂණයන්හි තීරණාත්මක සහයෝගීතාවට එක්සත් ජනපදය එකඟ කරවා ගැනීමේ ඉන්දියානු ගවේෂණයේ ඉදිරි ගමනක් ලෙස ද සැලකෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12