ඒ ළමයාගේ පන්දු යැවීම ගැන වැරදි අර්ථකථන දෙන්න එපා – මාලිගෙන් ඉල්ලීමක්

ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ලසිත් මාලිංග පසුගිය දිනක, සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩා කරන කුඩා දරුවෙකු පිළිබඳ තොරතුරු සොයාදෙන ලෙස සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ඉල්ලීමක් කර සිටියා.

එම ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් අදාළ කුඩා දරුවා පිළිබඳව තොරතුරු ලබාදීමට බොහෝ පිරිසක් කටයුතු කර තිබූ ආකාරය දැකගත හැකි වුණා.

ඒ, අනුව ලසිත් මාලිංග සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමට විශේෂ වීඩියෝවක් එක්කරමින් අද සඳහන් කළේ තමන් සෙවූ කුඩා ක්‍රීඩකයා සහ ඔහුගේ මව්පියන් සම්බන්ධ කරගැනීමට තමන්ට හැකි වූ බවයි.

එහිදී අදාළ කුඩා දරුවා ලෙදර් පන්දු ක්‍රීඩා කිරීමට අවශ්‍ය පහසුකම් මෙන්ම ලෙදර් පන්දු ක්‍රිකට් ක්‍රීඩාව කරන පාසලක් වෙත යොමු කිරීමට පොරොන්දු වූ බවයි මාලිංග පවසා සිටියේ.

මෙහිදී මාලිංග වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම පුංචි ක්‍රීඩකයා ලසිත් මාලිංග පන්දු යවන ඉරියවවට බොහෝ සෙයින් වෙනස් වඩා හොඳ පන්දු යැවීමේ ඉරියව්වකින් පන්දු යවන ක්‍රීඩකයෙක් බවයි.

ඒ, අනුව මෙම කුඩා ක්‍රීඩකයාගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් වැරදි අර්ථකථනයන් ලබා නොදෙන ලෙසත් මාලිංග ඉල්ලා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
31
+1
3
+1
19
+1
6
+1
3
+1
5
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශම්මිට ඉල්ලා අස්වෙන්න කියලා ජනපති කියලා නැහැ
03:42
Video thumbnail
සජිත්ගෙන් රටම හොල්ලන ප්‍රකාශයක් - ඩොලර් ලක්ෂ 25ක් අතුරුදන්
06:23
Video thumbnail
මහ භාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක මුදලක් හැකර් කෙනෙක්ට ගිහින්..නලින්ද සියල්ල එළියට එයි
02:51
Video thumbnail
ජනපති පත්කරපු ලේකම් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්
10:28
Video thumbnail
පාස්කු ප්‍රහාරය ගැන ඇමති නලින්ද කැබිනට් මාධ්‍ය හමුවේදී කට අරියි..එකක්වත් අත් හරින්නේ නෑ
07:08
Video thumbnail
අපි හැමදේම තියාගෙන දේශපාලනයට ආව මිනිස්සු..බොරු කියලා පච කියලා අන්දපු මේ වගේ ආණ්ඩුවක් තවත් නෑ
06:25
Video thumbnail
හයිවේ බස් එකේ වීරයා වෙන්න ගිහින් අන්තිමට නෝන්ඩි වුණ හැටි
01:14
Video thumbnail
සජබයේ ඇමතියෙක් හොරකම් කළා නම් අනිවාර්යෙන් දඬුවම් දෙන්න ඕනි.. l S. M. Marikkar
03:53
Video thumbnail
සංජීවගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
07:22
Video thumbnail
සුරේෂ් සලේ දැඩි ආරක්ෂාවක් මැදින් කොටුව උසාවිය
01:43