ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන ලසිත් මාලිංග පසුගිය දිනක, සැහැල්ලු පන්දු ක්‍රිකට් ක්‍රීඩා කරන කුඩා දරුවෙකු පිළිබඳ තොරතුරු සොයාදෙන ලෙස සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ඉල්ලීමක් කර සිටියා.
එම ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් අදාළ කුඩා දරුවා පිළිබඳව තොරතුරු ලබාදීමට බොහෝ පිරිසක් කටයුතු කර තිබූ ආකාරය දැකගත හැකි වුණා.
ඒ, අනුව ලසිත් මාලිංග සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුමට විශේෂ වීඩියෝවක් එක්කරමින් අද සඳහන් කළේ තමන් සෙවූ කුඩා ක්‍රීඩකයා සහ ඔහුගේ මව්පියන් සම්බන්ධ කරගැනීමට තමන්ට හැකි වූ බවයි.
එහිදී අදාළ කුඩා දරුවා ලෙදර් පන්දු ක්‍රීඩා කිරීමට අවශ්‍ය පහසුකම් මෙන්ම ලෙදර් පන්දු ක්‍රිකට් ක්‍රීඩාව කරන පාසලක් වෙත යොමු කිරීමට පොරොන්දු වූ බවයි මාලිංග පවසා සිටියේ.
මෙහිදී මාලිංග වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම පුංචි ක්‍රීඩකයා ලසිත් මාලිංග පන්දු යවන ඉරියවවට බොහෝ සෙයින් වෙනස් වඩා හොඳ පන්දු යැවීමේ ඉරියව්වකින් පන්දු යවන ක්‍රීඩකයෙක් බවයි.
ඒ, අනුව මෙම කුඩා ක්‍රීඩකයාගේ පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් වැරදි අර්ථකථනයන් ලබා නොදෙන ලෙසත් මාලිංග ඉල්ලා සිටියා.














Slinga is one and only. No other Slingas anywhere in the world. Even our Mathieesha is quite different than Slinga. So we ave one and only Matheesha. But this little boy is a talented fellow. his style also very unique for him. So do not compare small novice to a renowned legend. one day this chap may become a legend sure not another slinga. we love you slinga.