චීනයේ විරැකියාව තවත් ඉහළට – රැකියා සොයාදීමට නව වැඩපිළිවෙළක්

චීනයේ තරුණ ප්‍රජාවේ විරැකියාව අප්‍රේල් මාසයේදී වාර්තාගත ඉහළ අගයක් ගෙන තිබෙනවා.

එරට නවතම වාර්තා පෙන්වා දෙන්නේ වයස අවුරුදු 16 සිට 24 දක්වා රැකියා සොයන්නන්ගෙන් 20.4%කට රැකියා සොයාගැනීමට නොහැකි වී ඇති බවයි.

වඩ වඩාත් තරගකාරී වී තිබෙන ශ්‍රම වෙළඳපොළකට මුහුණ දී සිටින චීන සිසුන් මිලියන 11.6කට ආසන්න සංඛ්‍යාවක් ජුනි මාසයේදී උපාධි ලබාගැනීමට ද සූදානම්ව සිටිනවා.

ඒ, අනුව විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ අධ්‍යාපනයෙන් තොර රැකියා විරහිත තරුණ තරුණියන්ගේ ප්‍රශ්නය කෙතරම් උග්‍ර විය හැකි ද යන්නයි.

මාර්තු මාසයේදී චීන රාජ්‍ය මාධ්‍යවල විවරණයක් කියා සිටියේ තරුණයින් ඔවුන්ගේ අපේක්ෂාවන්ට වඩා අඩු රැකියාවල නිරත වීමට අකමැති බවයි.

උපාධිධාරියෙකු විශ්ව විද්‍යාලයකින් සේවා යෝජකයෙකු වෙත මාරු කිරීම අනුමත කිරීම සඳහා දශක ගණනාවක් තිස්සේ භාවිත කරන ලද ලේඛනයක් වන රැකියා සහ ලියාපදිංචි සහතිකය භාවිත කිරීම ද මේ වසරේ සිට චීන රජය අත්හැර දමා තිබෙනවා.

සහතිකය බොහෝ දුරට නිලධාරිවාදී වුවද, එය අවලංගු කිරීම විද්‍යාල උපාධිධාරීන්ට රැකියා සෙවීමට වඩාත් පහසු වනු ඇති බවයි චීනයේ මානව සම්පත් සහ සමාජ ආරක්ෂණ අමාත්‍යංශය  නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

කොවිඩ් වසංගතයෙන් බැට කෑ තම ආර්ථිකය යළි සමතුලිත කිරීමට අරගල කරමින් සිටින්නේ චීනය පමණක් නොවෙයි.

ආර්ථික කටයුතු පිළිබඳ උපදේශන සපයන ආයතනයක් වන ගෝල්ඩ්මන් සැක්ස්හි පර්යේෂකයන් සඳහන් කළේ 2021 දී යුරෝපීය රටවල් කිහිපයක තරුණ විරැකියාව 20% කට වඩා වැඩි වූ අතර එක්සත් ජනපදයේ එය 10% කට ආසන්න වූ බවයි.

නමුත් චීනයේ තරුණ ප්‍රජාවට පීඩනයක් ඇති කිරීමට හේතුවක් වී ඇත්තේ අවස්ථා හිඟකම මත උනන්දුව නොසලකා ඕනෑම රැකියාවක් කිරීමට පෙළඹවීමයි.

අයිෆෝන් කර්මාන්තශාලා, ප්‍රවාහන සම්බන්ධතා සහ කෘෂිකාර්මික ව්‍යාපාර සඳහා ප්‍රසිද්ධ චීනයේ තුන්වන වඩාත්ම ජනාකීර්ණ පළාත වන හෙනාන්, වාර්තාගත ඉහළ තරුණ විරැකියාව මධ්‍යයේ විශ්වවිද්‍යාල උපාධිධාරීන්ට රැකියාවක් සොයා ගැනීමට උපකාර කිරීමේ ව්‍යාපාරයක් දියත් කර ඇත්තේ  මෙම පසුබිම තුළයි.

ඒ, යටතේ මධ්‍යම පළාතේ හෙනාන්හි අඩු ආදායම්ලාභී පවුල්වල උපාධිධාරීන්, ශාරීරික ආබාධ සහිත අය සහ දිගුකාලීන විරැකියාවෙන් පෙළෙන අය ඉලක්ක කර තිබෙනවා.

හෙනාන්ගේ පළාත් ආන්ඩුව මෙම වසරේ විශ්වවිද්‍යාල උපාධිධාරීන් 870,000ක් අපේක්ෂා කරනවා.

නමුත් උපාධි සමය ළං වන විට සිසුන් මුහුණ දෙන ගැටළු විසඳීම සඳහා පළාත් ආණ්ඩුවලට එල්ල වන්නේ වැඩි පීඩනයක්.

සෑම රැකියා විරහිත උපාධිධාරියෙකුටම අවම වශයෙන් හෘදයාංගම සාකච්ඡා සැසි තුනක් ලබාදෙන ලෙසත් ඔවුන් අවම වශයෙන් රැකියා සෙවීමේ ක්‍රියාකාරකම් තුනකටවත් සහභාගී වන බවට වග බලා ගන්නා ලෙසත්  එක් අයෙකුට රැකියා අවස්ථා තුනක් නිර්දේශ කළ යුතු බවත් හෙනාන්ගේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ලේඛනයේ සඳහන්.

ගැටලුව සමනය කිරීමේ මාර්ගයක් ලෙස හෙනාන් හි විශ්වවිද්‍යාලවලට දෙවන අපේක්ෂක උපාධියක් සඳහා සිසුන් බඳවා ගැනීමට යෝජනා ද ලබා දී ඇති අතර, උපාධිධාරීන් සඳහා අවස්ථා ගවේෂණය කිරීම සඳහා අවම වශයෙන් සේවා යෝජකයින් 100 දෙනෙකු හමුවීමට ද සලස්වා තිබෙනවා.

ප්‍රකෘතිමත් වීමේ ප්‍රයත්නයන් මධ්‍යයේ තරුණ විරැකියාව බීජිංහි විශාලතම ආර්ථික හිසරදය බවට පත්ව ඇති බවයි විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

කෙසේවෙතත් මේ වසරේ රැකියා මිලියන 12ක් නිර්මාණය කිරීමට බීජිං ඉලක්කයක් තබා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රතුගල නව ආදිවාසී නායක තනතුරට පුත් නිශාන්ත කුමාර ඇත්තන් පත් කළ හැටි..මෙයාට ශක්තියක් තියෙනවා
03:20
Video thumbnail
රතුගල ආදිවාසී නායකයා සැමගේ සෝසුසුම් මැද අවසන් කටයුතු වූ අයුරු..මහ සෙනඟක් ඇවිත්
07:11
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ සිරුරු කොටස් රසායනාගාර පරීක්ෂණවලට..මෙන්න එහි නවතම දර්ශන
02:22
Video thumbnail
වාහනයක් පදවනවනම් මේක අනිවාර්යෙන් බලන්න..කිසිම වාහනයක නෑ Fire Extinguisher එකක්
02:13
Video thumbnail
18% මිල වැඩි කිරීම රජය ගත්තු කප්පමක්..විදුලි බිල වැඩිවීම ගැන සජිත් කට අරියි
04:49
Video thumbnail
හැකර්ලගේ ප්‍රහාර තව දුරටත් අනාගතේ වෙන්න පුළුවන්..හැකර්ලා නවත්තන්න ලේසි න නෑ l Wasantha Samarasinghe
04:51
Video thumbnail
අම්පිටියේ හිමි හදිසියේම මහ සෙනඟක් එකතු කරයි..රට හදන්න පුළුවන් මීළඟ ජනපති දිලිත් ජයවීර
02:25
Video thumbnail
කපිල චන්ද්‍රසේනගේ එළොව යාම නිසා පොහොට්ටුව බය වෙලාද ?"ඔව් අපි බයයි"
03:42
Video thumbnail
PUCSL එක ගල් අඟුරු වංචාව පැත්තේ හිටියේ..විදුලි බිල ඉහළ යාම නිසා අතුලට යකා ආරූඪ වෙයි
06:27
Video thumbnail
පසන් කස්තුරිගෙන් ආණ්ඩුවට සැර සත්තමක්..හිටපු ජනපති මහින්දට ජම්පරේ අදින්න වෙයිද ?
01:38