කටුනායකට පැමිණෙමින් තිබූ යානයක මගියෙක් මියයයි

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිටි ගුවන් යානයක ගමන් ගනිමින් සිටි ගුවන් මගියෙකු හදිසියේම රෝගාතුර වී ගුවන් යානය තුළදීම මිය ගොස් තිබෙනවා.

ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේ මෙල්බර්න් නුවර සිට ඊයේ (27) රාත්‍රී 10.35ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 605 දරන ගුවන් යානය තුළ මෙම මරණය සිදු වී ඇති බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම ගුවන් යානය මෙල්බන් නුවරින් ගුවන් ගත වී මද වේලාවකට පසුව මෙම ගුවන් මගියාට හදිසි හෘදයාබාධයක් වැළදී තිබෙනවා. අනතුරුව ඔහු ගුවන් යානය තුළම මිය ගොස් ඇති අතර යානය යළි මෙල්බර්න් නුවර ගුවන් තොටුපළ වෙත හරවා නොගොස් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමටයි ගුවන් නියමුවන් පියවර ගෙන ඇත්තේ.

කටුනායක ගුවන් තොටුපළේ දී මෙම මළ සිරුර ගුවන් තොටුපළ පොලිසිය වෙත භාර දී ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා දේහය මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
2
+1
26
+1
7
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ඔක්කොම අනාගන්නවා - කිසිම සැලැස්මක් නෑ
07:09
Video thumbnail
76ක පාලනය ඇතුළත ඖෂධ බ්‍රිතාන්‍ය ප්‍රමිතියෙන් පහළට ගෙනාවේ නෑ..ජීවිතය ඉල්ලගෙන එන ලෙඩාව ම# දාන ආණ්ඩුවක්
12:38
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16


?