කටුනායකට පැමිණෙමින් තිබූ යානයක මගියෙක් මියයයි

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණෙමින් සිටි ගුවන් යානයක ගමන් ගනිමින් සිටි ගුවන් මගියෙකු හදිසියේම රෝගාතුර වී ගුවන් යානය තුළදීම මිය ගොස් තිබෙනවා.

ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කළේ මෙල්බර්න් නුවර සිට ඊයේ (27) රාත්‍රී 10.35ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ UL- 605 දරන ගුවන් යානය තුළ මෙම මරණය සිදු වී ඇති බවයි.

මෙලෙස මිය ගොස් ඇත්තේ යාපනය ප්‍රදේශයේ පදිංචි 75 හැවිරිදි පුද්ගලයෙක්.

මෙම ගුවන් යානය මෙල්බන් නුවරින් ගුවන් ගත වී මද වේලාවකට පසුව මෙම ගුවන් මගියාට හදිසි හෘදයාබාධයක් වැළදී තිබෙනවා. අනතුරුව ඔහු ගුවන් යානය තුළම මිය ගොස් ඇති අතර යානය යළි මෙල්බර්න් නුවර ගුවන් තොටුපළ වෙත හරවා නොගොස් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමටයි ගුවන් නියමුවන් පියවර ගෙන ඇත්තේ.

කටුනායක ගුවන් තොටුපළේ දී මෙම මළ සිරුර ගුවන් තොටුපළ පොලිසිය වෙත භාර දී ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීම සඳහා දේහය මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන ගොස් තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
කොත්තමල්ලි බීලා අපි උඹලව එළවනවා
02:05
Video thumbnail
පොහොට්ටුවේ ‍රැළියට වසන්ත රිදෙන්නම දෙයි - සුන්බුන් දැන් දූවිලි කරපු රැළිය අපි පෙන්නුවා
27:26
Video thumbnail
මාව ම#පල්ලා.. අර්චුනාට යකා ආවේශ වෙයි
04:39
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා පෙර ආණ්ඩුවලට දෙදරන්න දෙයි - අටමගලක් ගෙනත් කෘෂිකර්මාන්තයම විනාශ කළා
09:13
Video thumbnail
අර්චුනාගේ කතාවෙන් මහින්ද පුදුම වෙයි
02:29
Video thumbnail
ආණ්ඩුවට අවුරුදු 2යි, රටටම සාපයක් වෙලා - නිදාගෙන හිටපු සිංහයාව ඇහැරෙව්වා
16:21
Video thumbnail
මහා සමුදුර ශක්තිමත්ව තියෙනකල් NPP ආණ්ඩුව හොල්ලන්න බෑ - ඔබේ දහඩිය සුවඳ දැනෙන මිනිස්සු මේ
15:58
Video thumbnail
පොළොන්නරුවම හොල්ලමින් ජනපති අනුර ගැම්මට වේදිකාවට එයි - මිනිස්සු හතරවටින් ප්‍රීති ඝෝෂා නගයි
01:43
Video thumbnail
පුතා හිරේ, තාත්තා තවමත් ගේමේ - මුහුණට මුහුණ සටනට එන්න
01:15