ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ නාවික හමුදාව විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමකින්, මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් ඊයේ (12) දිනයේ නාවික හමුදාව විසින් භාරයට ගනු ලැබුවා.
එම බහුදින ධිවර යාත්‍රාව මේ වන විට ගාල්ල ධීවර වරාය වෙත රැගෙන විත් ඇති අතර එහි තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය අඩංගු පැකට් 102ක් සොයා ගැනීමට හැකිව තිබෙනවා.
එම මත්ද්‍රව්‍ය පැකට් තුළ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 110ක් ඉක්මවා පවතින බවට තහවුරු වී තිබෙනවා.
එමෙන්ම එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 150ක් පමණ වන බවයි වාර්තා වන්නේ.
ගොඩබිමට රැගෙන ආ, අදාළ යාත්‍රාවේ සිටි සැකකරුවන් 05 දෙනෙක් ද ගොඩබිමට රැගෙන විත් ඇති අතර, ඔවුන්ව මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
