Rajapura Handi Oil
Rajapura Diabetic Powder

මෛත්‍රී ගුණරත්නට එරෙහි අධිකරණයට අපහාස කිරීමේ නඩුව 20 වැනිදා කැඳවයි

ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්නට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ගොනුකර තිබෙන ජනවාරි මස 26 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබෙනවා.

කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් මෛත්‍රී ගුණරත්නට එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත්කර තිබුණා.

මෙම පැමිණිල්ල අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ මඩුල්ල ඉදිරියේ විභාගයට කැඳවා තිබුණා.

එහිදී ඉදිරිපත් වූ කරුණු සැලල්ලට ගැනීමෙන් අනතුරුව අභියාචනාධිකරණය විසන් මෙම නියෝගය නිකුත් කෙරුණා.