ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේ නාවික හමුදාව විසින් සිදු කරන ලද විශේෂ මෙහෙයුමකින්, මත්ද්‍රව්‍ය බවට සැක කෙරෙන උර තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ දේශීය බහුදින ධීවර යාත්‍රාවක් ඊයේ (12) දිනයේ නාවික හමුදාව විසින් භාරයට ගනු ලැබුවා.
එම බහුදින ධිවර යාත්‍රාව මේ වන විට ගාල්ල ධීවර වරාය වෙත රැගෙන විත් තිබෙනවා.
එමෙන්ම එම යාත්‍රාවේ සිටි සැකකරුවන් 05 දෙනෙක් ද ගොඩබිමට රැගෙන විත් ඇති අතර, අනතුරුව ඔවුන්ව අත්අඩංගුවට ගෙන තිබුණා.
