Rajapura Handi Oil
Rajapura Diabetic Powder

හර්ෂට නොදී සජිත් කළ කතාව ගැන ආණ්ඩුව කනස්සල්ලෙන්

අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දී විපක්ෂය සිදු කරන ආරම්භක කතාව, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් අද (13) පාර්ලිමේන්තුවේ දී සිදු කළා.

එහිදී විපක්ෂ නායකවරයා සඳහන් කළේ, මෙවර අයවැය, දුගී ජනතාව කොන්කර පොහොසතුන් වෙනුවෙන් ඉදිරිපත් කළ අයවැයක් බවයි.

කෙසේ වෙතත් අද (13) දිනයේදී විවාදයේ ආරම්භක කතාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් සිදු නොකර විපක්ෂ නායකවරයා විසින් සිදු කිරීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂය දුක් වෙන බව, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේසිරි බස්නායක සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය කියා සිටියේ, කලක පටන් අයවැය විවාදයේ පළමු කතාව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා විසින් සිදු කළ බවත්, මෙවර ද එය බලාපොරොත්තුව සිටි බවයි.