එල්ල වූ චෝදනාවක් විදේශ අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයට එරෙහිව රූපවාහිනී ප්‍රවෘත්ති වාර්තාවකින් එල්ල වූ චෝදනාව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරනවා.

දැනට පවතින කොන්සියුලර් කටයුතු අංශයේ පත්වීම් ක්‍රමය තුන්වන පාර්ශ්වයන් විසින් ලේඛන සත්‍යාපනය කිරීම සඳහා යොදා ගැනීමේ චෝදනාවට විදේශ අමාත්‍යාංශයේ කිසිදු කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සම්බන්ධ වී නොමැති බවයි අමාත්‍යාංශය අවධාරණය කළේ.

මහජනතාවට ඵලදායී හා කාර්යක්ෂම සේවාවක් සහතික කිරීම සඳහා හඳුන්වා දී ඇති පත්වීම් ක‍්‍රමය නොහොබිනා තුන්වන පාර්ශ්වයන් විසින් අනිසි මූල්‍ය වාසි සඳහා අවභාවිත කිරීම පිළිගත නොහැකි බව අමාත්‍යංශය ප්‍රකාශ කළා.

මෙම තුන්වන පාර්ශ්වයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස විදේශ අමාත්‍යාංශය නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

ලියකියවිලි සත්‍යාපනය යනු කොන්සියුලර් කටයුතු අංශයේ එක්දින සේවාවක් වන්නේ පූර්ව පත්වීමක් සහිතව එම අංශයට පැමිණෙන අය සඳහායි.

එක් ලියවිල්ලක් කොට්ඨාශයේ කවුන්ටරයට ඉදිරිපත් කළ මොහොතේ සිට මිනිත්තු 25ක් හෝ ඊට අඩු කාලයකදී සත්‍යාපනය කරනු ලබන අතර දිනකට අයදුම්කරුවන් දහසකට අධික සංඛ්‍යාවකට සේවය කරනු ලබනවා.

තෙවන පාර්ශ්වයන් යොදා නොගෙන කොළඹ පිහිටි කොන්සියුලර් කටයුතු අංශයට සහ යාපනය, ත්‍රිකුණාමලය, මාතර, කුරුණෑගල සහ මහනුවර යන ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවලට පුද්ගලිකව සහ සෘජුවම පූර්ව පත්වීම් සහිතව සත්‍යාපනය සඳහා ලියකියවිලි ඉදිරිපත් කරන ලෙසටයි අයදුම්කරුවන්ට තරයේ අවවාද කරනු ලබන්නේ.

මෙවැනි අනවසර ක්‍රියා සම්බන්ධයෙන් මහජනතාවට අවවාද කරන අතර ඔවුන්ගේ උපක්‍රමවලට හසු නොවන ලෙස ද විදේශ අමාත්‍යංශය ඉල්ලා සිටිනවා.

ඕනෑම පැහැදිලි කිරීමක් සඳහා විදේශ අමාත්‍යාංශයේ මහජන රාජ්‍යතාන්ත්‍රික අංශය සම්බන්ධ කර ගත හැකි බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ළඟට ගිහින් ධීවරයින් දුක කියයි - මෝ# පක්ෂයක් ඇවිත් අවු:2යි..කිරින්දම විනාශ කළා
11:18
Video thumbnail
අපි බියවෙලා ඉන්නේ - සාක්කි හදනවා, චෝදනා මවනවා
11:01
Video thumbnail
විපක්ෂය කියන ඒවා අපි ලොකුවට ගණන් ගන්නේ නෑ
04:56
Video thumbnail
ප්‍රසංග කලාවටත් තිත ? අපි සූදානම් නෑ මේ කතෘ භාගය ගෙවන්න..ගායකයා ඒක ගෙවන්න
05:09
Video thumbnail
පාලමක් අසළ නාඳුනන මළ සිරුරක් හමුවෙයි
00:55
Video thumbnail
100ක් හිරේ දැම්මත් එකා පිටිපස්සේ එකා ඉන්නවා
03:44
Video thumbnail
නාමල්ගේ නඩුවේ බොරු සාක්ෂි හදපු හැටි ජනතාව ඉදිරියේ හෙළිකරයි - අම්මා මැ#ලා මාස 6ට පස්සේ කට උත්තර දීලා
02:05
Video thumbnail
කුඹුරට බැහැපු නාමල්ගෙන් ගොවියෝ අහපු ප්‍රශ්න - ඔයාව පත්කළොත් අපිට අඩුවට දෙන්න පුළුවන්ද ?
06:56
Video thumbnail
යෝෂිත රාජපක්ෂ CIDයෙන් පිටව ගිය හැටි
01:02
Video thumbnail
ජනපති සමඟ සාකච්ඡාවකට නීතිඥ සංගමය ජනාධිපති ලේකම් කාර්යාලයට
02:05