spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එල්ල වූ චෝදනාවක් විදේශ අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරයි

විදේශ කටයුතු අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශයට එරෙහිව රූපවාහිනී ප්‍රවෘත්ති වාර්තාවකින් එල්ල වූ චෝදනාව විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කරනවා.

දැනට පවතින කොන්සියුලර් කටයුතු අංශයේ පත්වීම් ක්‍රමය තුන්වන පාර්ශ්වයන් විසින් ලේඛන සත්‍යාපනය කිරීම සඳහා යොදා ගැනීමේ චෝදනාවට විදේශ අමාත්‍යාංශයේ කිසිදු කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සම්බන්ධ වී නොමැති බවයි අමාත්‍යාංශය අවධාරණය කළේ.

මහජනතාවට ඵලදායී හා කාර්යක්ෂම සේවාවක් සහතික කිරීම සඳහා හඳුන්වා දී ඇති පත්වීම් ක‍්‍රමය නොහොබිනා තුන්වන පාර්ශ්වයන් විසින් අනිසි මූල්‍ය වාසි සඳහා අවභාවිත කිරීම පිළිගත නොහැකි බව අමාත්‍යංශය ප්‍රකාශ කළා.

මෙම තුන්වන පාර්ශ්වයේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස විදේශ අමාත්‍යාංශය නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ගෙන් ඉල්ලා තිබෙනවා.

ලියකියවිලි සත්‍යාපනය යනු කොන්සියුලර් කටයුතු අංශයේ එක්දින සේවාවක් වන්නේ පූර්ව පත්වීමක් සහිතව එම අංශයට පැමිණෙන අය සඳහායි.

එක් ලියවිල්ලක් කොට්ඨාශයේ කවුන්ටරයට ඉදිරිපත් කළ මොහොතේ සිට මිනිත්තු 25ක් හෝ ඊට අඩු කාලයකදී සත්‍යාපනය කරනු ලබන අතර දිනකට අයදුම්කරුවන් දහසකට අධික සංඛ්‍යාවකට සේවය කරනු ලබනවා.

තෙවන පාර්ශ්වයන් යොදා නොගෙන කොළඹ පිහිටි කොන්සියුලර් කටයුතු අංශයට සහ යාපනය, ත්‍රිකුණාමලය, මාතර, කුරුණෑගල සහ මහනුවර යන ප්‍රාදේශීය කොන්සියුලර් කාර්යාලවලට පුද්ගලිකව සහ සෘජුවම පූර්ව පත්වීම් සහිතව සත්‍යාපනය සඳහා ලියකියවිලි ඉදිරිපත් කරන ලෙසටයි අයදුම්කරුවන්ට තරයේ අවවාද කරනු ලබන්නේ.

මෙවැනි අනවසර ක්‍රියා සම්බන්ධයෙන් මහජනතාවට අවවාද කරන අතර ඔවුන්ගේ උපක්‍රමවලට හසු නොවන ලෙස ද විදේශ අමාත්‍යංශය ඉල්ලා සිටිනවා.

ඕනෑම පැහැදිලි කිරීමක් සඳහා විදේශ අමාත්‍යාංශයේ මහජන රාජ්‍යතාන්ත්‍රික අංශය සම්බන්ධ කර ගත හැකි බව ඔවුන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?