රජයට රුපියල් ලක්ෂයක මුදලක් පාඩු කිරීමේ සිද්ධිය මත හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහිව පවරා ඇති නඩුව මෙමස 23 වැනිදා යළි කැඳවීමට අධිකරණය නියෝග කර තිබෙනවා.
සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ සමයේ වෙසක් කාඩ්පත් මුද්‍රණය කර රජයට රුපියල් ලක්ෂයකට අධික පාඩුවක් කළ බව කියන සිද්ධියට අදාලව හිටපු අමාත්‍ය ප්‍රියංකර ජයරත්නට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 23 වන දින යළි කැඳවිමට කොළඹ මහාධිකරණය ඊයේ (13) දින නියම කළා.
කොළඹ මහාධිකරණ විනිසුරු රෂන්ත ගොඩවෙල ඉදිරියේ එම නඩුව ඊයේ කැඳවු අවස්ථාවේදී විනිසුරුවරයා විසින් එලෙස දින නියම කරමින් නියෝගයක් නිකුත්කර තිබෙනවා.
සිද්ධියට අදාලව පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් බවත් ඉදිරි දිනයක් ලබා දෙන ලෙසත් අල්ලස් කොමිසම එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියා.
2013 මැයි 10 වැනිදාත් ජුනි 06 වැනිදාත් අතර කාල සීමාව තුළ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී වෙසක් කාඩ්පත් 3,000ක් මුද්‍රණය කිරීමෙන් රජයට රුපියල් 1,28,520/-ක පාඩුවක් කළ බවට විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම චෝදනා දෙකක් යටතේ නඩු පවරා තිබෙනවා.
