වෛද්‍යවරයෙකු සහ ඉන්ධන හල් සේවකයෙකු අතර ඇති වූ ගැටුම දුරදිග යයි

පානදුර ඉන්ධන පිරවුම්හලක කිව් ආර් කේතයට ඉන්ධන ලබා ගැනීමට යාමේදී වෛද්‍යවරයෙකු සහ පොම්පකරුවෙකු අතර ඇතිවූ ගැටුමක් දුරදිග ගොස් වෛද්‍යවරයෙකු පහරක රෝහල් ගතව ඇති බවත් පොම්ප කරුවෙකු අත්අඩංගුවට ගත්බවත් පානදුර දකුණ පොලිසිය පවසයි .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර නල්ලූරුව ඉන්ධන පිරවුම්හලේ පොම්පකරුවෙකු බවත්, ඔහු පානදුර ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවත් පොලිසිය කීය.

පහරකෑ වෛද්‍ය වරයා පෙරේදා අළුයම 5.20 ට පමණ මෝටර් රථයට ඉන්ධන ලබාගැනීම සදහා තවත් තිදෙනෙකු සමග පැමිණ තිබේ. එහිදී කිව් අර් කේතයේ ඉතිරිව ඇති රුපියල් 4000 ක ප්‍රමාණයට වඩා ඉන්ධන ඉල්ලුම් කිරීමේදී දෙදෙනා අතර කතාබහක් සිදුව ඇති බවට හෙලිව ඇතැයි පොලිසිය කීය.

පසුව පිරවුම්හලේ ආරක්ෂක නිළධාරියාද තල්ලුකර දමා පොම්ප කරුගේ කනට පහරක් එල්ලවී ඇති අතර , අත්අඩංගුවේ පසුවන පොම්පකරු පොල්ලක් රැගෙන එලව එලවා පහරදී ඇති බව සදහන්වේ.

ගැටුම සිදුවන අවස්ථාවේ වෛද්‍ය වරයා සමග පැමිණි තිදෙනා වෛද්‍ය වරයා තනිකර පලගොස් ඇති බවත්, පොම්පකරුට පහරදීම සම්බන්දයෙන් අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිස් නිළධාරීයෙක් කීය.

පහරකෑ වෛද්‍ය වරයා රෝහල් ගතව ඇති බවත් ඔහු බන්ධනාගාර රෝහලක රාජකාරි කරන අයෙක් බවටත් දැනගන්නට ලැබී ඇති බවද පොලිසිය කීය.

සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .

  1. PUMP MAN NUGATH MODAYEK UNATH GUTI KEWAYIN PASSE U NIKAN INNE NAHANE. DOCA UGATH UNATH MOLAYAK NATHI NISA THARAMATA KISISETH NOGALAPENA EKEK EKKA PTALUNA. EHEMA BALUWAMA DENNAMA NUGATH MODAYO. PUMP MAN TA RS.500 DUNNA NAM TANKIYA PIRENNA GAHALA DEYI. DOCA TA RS.500 DENNA BERI THARAM AHENIYA DHA. PAGAWA WERADHIYI. OKA NIWERADI KARANNA THANIYAMA BAHE, EKA THERUM GANNA DOCA TA MOLAYA NHE. NUGATH EKA GEN GARU SELAKILI BALA POROTHTHU WENNE MODAYO. ADUWEN KATHA KARALA THAMUNGE WADEYI KARAGENA GIYANAM IWARAYI NEDHA.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි බවට සැක යතුරුපැදියක් හමුවෙයි
01:14
Video thumbnail
සමහර ස්ථානවල අදත් ගිගුරුම් සහිත වැසි - එල්නිනෝ ක්‍රමයෙන් වර්ධනය වෙයි ?
05:14
Video thumbnail
අපේ රට දැන් සුරපුරයක්.. අවුරුදු දෙකකින් රට වෙනස් කළ හැටි මෙන්න..
02:36
Video thumbnail
ගෝඨාභයගේ කෙරුවාව මෙන්න ?කොවිඩ් කාලයේ සල්ලි අච්චු ගහලා බෙදුවේ
05:43
Video thumbnail
සමූපකාර සමිතිවල වංචා ගැන මහින්ද හෙළිකරයි - රු.1000 නම් අගට බිංදුවක් දාලා රු.10000 කළා
04:26
Video thumbnail
යන්ත්‍රයකින් හුස්ම ගන්න ලෙඩෙක් අපිට හම්බවුණේ - කකුලෙන් ඇදීමක් නෙවෙයි එකඟතාවක් අවශ්‍යයි
05:43
Video thumbnail
ලක්ෂ ගාණක් ණයවෙලා කරන්න දෙයක් නැතුව ඉන්නේ - වියළි කාලගුණය නිසා සාගිනි වැවත් හිදිලා..
02:17
Video thumbnail
නඩු ඇහෙනකොට දැන් පොඩි පොඩි කණ්ඩායම් කළබලයි - ඇස් පනාපිට දැන් නීතිය ශක්තිමත්වෙලා
06:46
Video thumbnail
කිරිවෙහෙර විහාරාධිපති හිමිපාණන්ගේ පියානන්ගේ දේහය නිවසට ගෙනෙයි
01:34
Video thumbnail
නලින්ද වේදිකාවේ ගැම්මට කිව්ව කතාව - ඇමතිලා යනකොට වාහන පෙළපාලි එන්නේ නෑනේ
04:38