පානදුර ඉන්ධන පිරවුම්හලක කිව් ආර් කේතයට ඉන්ධන ලබා ගැනීමට යාමේදී වෛද්‍යවරයෙකු සහ පොම්පකරුවෙකු අතර ඇතිවූ ගැටුමක් දුරදිග ගොස් වෛද්‍යවරයෙකු පහරක රෝහල් ගතව ඇති බවත් පොම්ප කරුවෙකු අත්අඩංගුවට ගත්බවත් පානදුර දකුණ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර නල්ලූරුව ඉන්ධන පිරවුම්හලේ පොම්පකරුවෙකු බවත්, ඔහු පානදුර ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවත් පොලිසිය කීය.
පහරකෑ වෛද්‍ය වරයා පෙරේදා අළුයම 5.20 ට පමණ මෝටර් රථයට ඉන්ධන ලබාගැනීම සදහා තවත් තිදෙනෙකු සමග පැමිණ තිබේ. එහිදී කිව් අර් කේතයේ ඉතිරිව ඇති රුපියල් 4000 ක ප්‍රමාණයට වඩා ඉන්ධන ඉල්ලුම් කිරීමේදී දෙදෙනා අතර කතාබහක් සිදුව ඇති බවට හෙලිව ඇතැයි පොලිසිය කීය.
පසුව පිරවුම්හලේ ආරක්ෂක නිළධාරියාද තල්ලුකර දමා පොම්ප කරුගේ කනට පහරක් එල්ලවී ඇති අතර , අත්අඩංගුවේ පසුවන පොම්පකරු පොල්ලක් රැගෙන එලව එලවා පහරදී ඇති බව සදහන්වේ.
ගැටුම සිදුවන අවස්ථාවේ වෛද්‍ය වරයා සමග පැමිණි තිදෙනා වෛද්‍ය වරයා තනිකර පලගොස් ඇති බවත්, පොම්පකරුට පහරදීම සම්බන්දයෙන් අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිස් නිළධාරීයෙක් කීය.
පහරකෑ වෛද්‍ය වරයා රෝහල් ගතව ඇති බවත් ඔහු බන්ධනාගාර රෝහලක රාජකාරි කරන අයෙක් බවටත් දැනගන්නට ලැබී ඇති බවද පොලිසිය කීය.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .














PUMP MAN NUGATH MODAYEK UNATH GUTI KEWAYIN PASSE U NIKAN INNE NAHANE. DOCA UGATH UNATH MOLAYAK NATHI NISA THARAMATA KISISETH NOGALAPENA EKEK EKKA PTALUNA. EHEMA BALUWAMA DENNAMA NUGATH MODAYO. PUMP MAN TA RS.500 DUNNA NAM TANKIYA PIRENNA GAHALA DEYI. DOCA TA RS.500 DENNA BERI THARAM AHENIYA DHA. PAGAWA WERADHIYI. OKA NIWERADI KARANNA THANIYAMA BAHE, EKA THERUM GANNA DOCA TA MOLAYA NHE. NUGATH EKA GEN GARU SELAKILI BALA POROTHTHU WENNE MODAYO. ADUWEN KATHA KARALA THAMUNGE WADEYI KARAGENA GIYANAM IWARAYI NEDHA.