Update – කළුතර සිසුවියගේ සිද්ධියේ සැකකාරියකට ඇප (වීඩියෝ)

කළුතර ලැඟුම්හලක තුන්වන මහළින් වැටී මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ මරණය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් සිව්දෙනෙක් අද (15) කළුතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළා.

සිසුවිය හෝටලයට රැගෙන ගිය තරුණ යුවළ, හෝටලයේ හිමිකරුගේ බිරිඳ සහ ප්‍රධාන සැකකරුගේ රියදුරු මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවන් සිව්දෙනායි.

එහිදී හෝටලයේ හිමිකරුගේ බිරිඳ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහැරීමට අධිකරණය අද (15) නියෝග කළා.

අනෙකුත් සැකකරුවන් වන සිසුවියගේ මිතුරිය, මිතුරියගේ පෙම්වතා සහ ප්‍රධාන සැකකරුගේ රියදුරු ලබන 26 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි කළුතර මහේස්ත්‍රාත් අධිකරණය එහිදී නියෝග කරණු ලැබුවේ.

මෙම සැකකරුවන් අද පෙරවරුවේ අධිකරණයට රැගෙන එන අවස්ථාවේ දී මියගිය දැරියගේ මව ඇතුළු 100කට ආසන්න පිරිසක් අධිකරණ භූමිය ඉදිරිපිට ගාලුපාරේ පෙලගැසී නිහඬ විරෝධතාවකද නිරත වුණා.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු මීට පෙර අධිකරණයට ඉදිරිපත්කර ලබන 26 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබීම හේතුවෙන් අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කළේ නැහැ.

https://youtu.be/P9eJ813EEpk


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ව සජබයටනම් අභියෝගයක් වෙලා නෑ..දැනෙන්නේවත් නෑ - ඊළඟ විකල්පය සජිත්
04:06
Video thumbnail
බොන වතුරේ තියෙන්නේ ගල් කුඩු - බොන්න බෑ මුත්‍රා දැවිල්ලයි..දරුවෝ කෑගහනවා
07:29
Video thumbnail
අපි ඉස්සරහට අවු:40ක් වෙනකල් ත්‍රීවිල් පදින්න දෙන්නේ නෑ - අනාගතය තියෙන්නේ අධ්‍යාපනය අතේ
02:49
Video thumbnail
අවුරුදු 40 ක් වෙනතුරු ත්‍රීවීල් පදින්න බෑ.. රජය ගන්න අලුත්ම තීරණය ගන ඇමති නලින් හේවගේ හෙළිකරයි.
00:07
Video thumbnail
නාමල් ආණ්ඩුවට අනතුරු අගවයි - අවු: 2ක් සද්දෙ වහලා හිටියා..ජනපති යට ගහන්න හදනවා
05:39
Video thumbnail
අවසන් මොහොතේ තම වෛද්‍යවරයා වෙනුවෙන් පවා ගී ගැයූ නන්දා මාලනිය..
00:39
Video thumbnail
නුවර වැවට පැ#න කාන්තාවක් බේරාගත් මෙහෙයුම - මොනවා වෙලාද මේ මිනිස්සුන්ට ?
02:09
Video thumbnail
නුවර වැවට ජම්ප් එකක් දැම්ම තරුණියව බේරාගන්න දිවි පරදුවට තැබූ කොල්ලෝ ටිකට රෙස්පෙක්ට්..
02:25
Video thumbnail
යතුරුපැදියක් - ලොරියක වැදී 25ස් හැවිරිදී තරුණයා එතනම එළොව යයි - බයික් එකත් කුඩේ කුඩු
00:45
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40