මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ ජන සංහාර සැමරුම් සතියක්

අවසන් යුධ සමයේ මිය ගිය පිරිස් සමරා මුලතිව් මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ සැමරුම් සතියක් ආරම්භ කර තිබෙනවා.

මිය ගිය පිරිස් වෙනුවෙන් ඊයේ (12) සිට 18 වනදා දක්වා මෙම සැමරුම් සතිය ක්‍රියාවට නංවා ඇති අතර මෙය ජන සංහාර සතිය වශයෙන් නම් කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කෙරෙන ජංගම රථයක් ද සූදානම් කර ඇති අතර එය මෙම සතිය පුරා උතුරේ සංචාරය කිරීමට නියමිතයි.

එමෙන්ම මෙහි ප්‍රධාන සැමරුම ලබන 18 වනදා මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ පැවැත්වීමටයි එහි සංවිධායකයන් සැලසුම් කර ඇත්තේ.

අදාළ සැමරුම් සතිය නිමිති කර ගෙන ඊයේ මුල්ලිවයික්කාල් ප්‍රදේශයේදී පහන් දල්වා මිය ගිය පිරිස් සිහි කළ අතර එම අවස්ථාවට උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී ටී.රවිහරන් ඇතුළු පිරිසක් සහභාගී වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?