මැයි 12 ලෝක හෙද දිනය අදයි

ලෝකයට හෙදකම දායාද කළ ෆොරන්ස් නයිටින්ගේල් මහත්මියට ගෞරවය පුද කිරීමක් ලෙස 1899 දී පිහිට වූ ජාත්‍යන්තර හෙද කවුන්සිලය ගත් තීරණයකට අනුව මැයි 12 වැනිදා ලෝක හෙද දිනය ප්‍රකාශයට පත් කර තිබෙනවා

විධිමත් හෙද සේවාවක් ආරම්භ වීමත් සමඟ 1939 වසරේ සිට ශ්‍රී ලංකාව ද, හෙද දිනය සමරන්නේ ගිලනුන් වෙනුවෙන් දිවා රෑ නොබලා උවටැන් කරන, හෙද පරපුරට ගෞරවයක් ලෙසයි.

හෙද හෙදියන්, කොරෝනා වසංගතයට එරෙහි සටනේ ඉදිරි පෙළ සොල්දාදුවන් වී සිටියේ සිය ජීවිත පවා උගසට තබමිනි.

රාජකාරිය ඉක්මවා ගිය මනුෂ්‍යත්වයේ හදවත්වලින්, මෙරට සිටින 36,000 ක් පමණ වූ හෙද හෙදියන් සිය කාර්යභාරය ඉටු කරමින් සිටින්නේ විවේකයක් හෝ නොලබායි.

මෙවර හෙද දිනයේ තේමාව, හෙදියකගේ ශ්‍රමදායකත්වය ඉහළ නැංවීම සහ වෘත්තීය අයිතීන්ට ගරු කිරීම තුළින් ගෝලීය සෞඛ්‍ය සුරක්ෂිත කිරීමෙහි ලා හෙදියගේ නායකත්වයේ හඬ අවදි කරමු යන්නයි.

රෝගී හදවත් සුවපත් කරන්නට හෙද සේවකයින් දරන්නා වූ අපමණ වෙහෙසට අපගේ උත්තමාචාරය..!

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කලාකරුවන්ගේ සහාභාගීත්වයෙන් කරපු ටාජ් සමුද්‍ර බක් මහ උළෙල.."ආවේ නැත්තම් මට ගුටි කන්න වෙනවනේ"
09:57
Video thumbnail
ලක්ෂ 67ක් ගත්ත කෙනෙක් බෝඩ් එකක් උස්සන් ඉන්නවා ආණ්ඩුවට බෑ කියලා.. ලැජ්ජාවක් නැතුව ඉන්න පුළුවන්ද ?
02:04
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:17
Video thumbnail
මහ පාර පුරා ගල් කුඩු - යතුරුපැදි හතරක් අනතුරට
01:44
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
00:54
Video thumbnail
අම්මෝ කොහොමද සයිස් එක - යෝධ පිඹුරෙකු හමුවෙයි
01:13
Video thumbnail
ලැජ්ජාවක් තියෙනවා නම් අනුර ඉල්ලා අස්වෙන්න
05:25
Video thumbnail
ගෑණු කෙනෙක්ව මහ පාරට ඇ#ලා දාලා ගිය ත්‍රීවීල් රියදුරා
01:24
Video thumbnail
උඹේ පවුලම උස්සනවා බලාගනින් - අනවසර නිවසක් ඉවත්කරන්න යද්දී ඇති වූ උණුසුම් තත්ත්වය
02:10
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17