අනතුරු වළක්වා ගන්නා නාවික මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කළ යුතුයි – අමාත්‍ය කංචන විජේසේකර

නාවික කේන්ද්‍රස්ථානයක් වශයෙන් මෙරට තිබෙන පැරණි නීති සංශෝධනයන් කළ යුතු බවත් , අනතුරු වළක්වා ගන්නා නාවික මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කළ යුතු බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (11) පාර්ලිමේන්තුවේදි පැවසුවා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධ සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

නාවික කේන්ද්‍රස්ථානයක් වශයෙන් ඉදිරියේදි ශක්තිමත් වීමට නව නීති සම්පාදනය කළ යුතු බවද අමාත්‍යවරයා පැවසූ අතර
නාවික අනතුරු වළක්වා ගැනීමේ මධ්‍යස්ථානයක් මෙරට ඇති කළ යුතු බවත් නෞකා වලට පහසුකම් සපයන නාවික කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කර ගත යුතු බවත් පෙන්වා දෙනු ලැබුවා.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සිදු වූ වහාම හානියට පත් වෙලා තිබූ ප්‍රදේශ වල අනුභවයට නුසුදුසු මසුන් වෙළෙඳපළට නිකුත් කිරීම වැළැක්වීමට පියවර ගත් බවත් එම ප්‍රදේශවල ජනතාවට ධීවර කටයුතු වල නොයෙදෙන ලෙස උපදෙස් ලබා දුන් බවත්ය.

රුපියල් බිලියන 3කට ආසන්න මුදලක් එම ප්‍රදේශවල ජනතාවට වන්දි වශයෙන් ලබා දුන් බවත් හැඳල වත්තල මට්ටක්කුලිය කළුතර ආදී ප්‍රදේශවල ධීවරයින් 15032 දෙදෙනෙකුට වන්දි මුදල් ලබා දුන් බවත් පැවසුවා.

අපි නාවික කේන්ද්‍රස්ථානයක නම් ඉන්නේ මෙවැනි අනතුරු ඇතිවිය හැකි බවත් ඒ සඳහා අපි සූදානම් විය යුතු බවත් වැඩි දුරටත් පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57