spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

අනතුරු වළක්වා ගන්නා නාවික මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කළ යුතුයි – අමාත්‍ය කංචන විජේසේකර

නාවික කේන්ද්‍රස්ථානයක් වශයෙන් මෙරට තිබෙන පැරණි නීති සංශෝධනයන් කළ යුතු බවත් , අනතුරු වළක්වා ගන්නා නාවික මධ්‍යස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත් කළ යුතු බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඊයේ (11) පාර්ලිමේන්තුවේදි පැවසුවා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධ සභාව කල් තැබීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.

නාවික කේන්ද්‍රස්ථානයක් වශයෙන් ඉදිරියේදි ශක්තිමත් වීමට නව නීති සම්පාදනය කළ යුතු බවද අමාත්‍යවරයා පැවසූ අතර
නාවික අනතුරු වළක්වා ගැනීමේ මධ්‍යස්ථානයක් මෙරට ඇති කළ යුතු බවත් නෞකා වලට පහසුකම් සපයන නාවික කේන්ද්‍රස්ථානයක් බවට ශ්‍රී ලංකාව පත්කර ගත යුතු බවත් පෙන්වා දෙනු ලැබුවා.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පැවසුවේ, එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සිදු වූ වහාම හානියට පත් වෙලා තිබූ ප්‍රදේශ වල අනුභවයට නුසුදුසු මසුන් වෙළෙඳපළට නිකුත් කිරීම වැළැක්වීමට පියවර ගත් බවත් එම ප්‍රදේශවල ජනතාවට ධීවර කටයුතු වල නොයෙදෙන ලෙස උපදෙස් ලබා දුන් බවත්ය.

රුපියල් බිලියන 3කට ආසන්න මුදලක් එම ප්‍රදේශවල ජනතාවට වන්දි වශයෙන් ලබා දුන් බවත් හැඳල වත්තල මට්ටක්කුලිය කළුතර ආදී ප්‍රදේශවල ධීවරයින් 15032 දෙදෙනෙකුට වන්දි මුදල් ලබා දුන් බවත් පැවසුවා.

අපි නාවික කේන්ද්‍රස්ථානයක නම් ඉන්නේ මෙවැනි අනතුරු ඇතිවිය හැකි බවත් ඒ සඳහා අපි සූදානම් විය යුතු බවත් වැඩි දුරටත් පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?